Search
Fix Rich Auto PVT LTD
  • Home
  • Products
  • Blog
  • Services
  • About
  • Contact
  • Home
  • Blog

Categories

  • English (10)
  • Uncategorized (1)
  • සිංහල (7)

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry

Blog

බයෝ ඩීසල් වලින් වෙන දේවල් මෙන්න

Post by: fixrichauto 2022-12-28 0 Comments
තෙල් ප්‍රශ්නය කියන්නෙ දුප්පත් පොහොසත් අපි හැමෝටම තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක්. ගමනාගමනයට අමතරව තවත් දේවල් වලටත් තෙල් ප්‍රශ්නෙන් බලපෑම් ඇතිවුන නිසා මේ ප්‍රශ්න වලට උත්තරයක් විදිහට ගොඩක් දෙනෙක් යොමු වුනා Bio-Diesel වලින් වාහන දුවන්න පුලුවන්ද කියල බලන්න. වර්තමානය වෙනකොට මිනිස්සු තමන්ගෙ වාහනයෙ ක්‍රියාකාරීත්වය ගැන හිතන්නෙවත් නැතුව මේ Bio-Diesel පාවිච්චි කරනව. ඒ විකල්පය නිසාම නෙවෙයි මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැති නිසයි. ඉතිං ඇත්තටම ඔයාගෙ ඩීසල් වහනේට මේ විදිහට Bio-Diesel දාන්න පුලුවන්ද කියලත් එහෙම දැම්මට පස්සෙ මොකද වෙන්නෙ කියලත් අපි මේ වැදහගත් ලිපියෙන් සාකඡ්චා කරමු. එතකොට ඔයාට පුලුවන් හොදට හිතල බලල ඉස්සරහට කරන්න ඕනි දේ තීරණය කරන්න. තෙල් ප්‍රශ්නය නිසා මේ වෙනකොට මිනිස්සුන්ගෙ ජීවිතය ගොඩක් ආපස්සට හැරිල තියෙන්නෙ. එතකොට මිනිස්සුන්ගෙ පුද්ගලික දේවල් වගේම අනිත් සේවා කටයුතුත් නැවතිලා තියෙන්නෙ. ගොවිතැන රස්සාව කරගත්ත මිනිස්සු තමන්ගෙ අස්වැන්න විකුණගන්න බැරිව දුක් වෙනව. පොළොවත් එක්ක පොරබදින ගොවියො තමන්ගෙ උපකරණ වැඩ කරගන්න බැරුව හූල්ලනව. තව එතකොට ඩීවරයො වගේම අනිත් මිනිස්සුත් මේ විදියටම අතරමං වෙලා ඉන්නෙ තෙල් ප්‍රශ්නෙ නිසා.ඒ වගේම අපේ රටේ පාසල් වල ඉගැන්වීමත් නතර වෙලා තියෙන්නෙ මේ තෙල් ප්‍රශ්නෙ නිසාමයි. දවස් ගනන් පෝලිම් වල ඉදල දවසෙන් දවස මැරෙන්නෙත් අපේම සහෝදර සහෝදරියන්. මේ සිදුවීම් එක්ක අද වෙනකොට බොහෝ දෙනෙක් Bio-Diesel වලට යොමු වෙන්න පටන් අරන් තියෙනව. නමුත් ඒවගෙ ප්‍රමිතිය ගැන නම් ලොකු ගැටලුවක් තියෙනව. සිගරට් එකක් උරන මනුස්සයෙක්ට ඒකෙන් වෙන හානිය එකපාරටම පේන්නෙ නෑනෙ ඒවගේම වාහනේටත් ප්‍රමිතියක් නැති ඩීසල් දැම්මොත් හානිය වෙන්නෙ ටිකෙන් ටික අපිට නොදැනීමයි. දැන් අපි කතා කරන ප්‍රමිතියක් නැති Bio-Diesel වාහනයට දැම්මට පස්සෙත් මේ වගේම වෙන්න පුලුවන්.එහෙම නම් අපි ඒගැන විස්තරාත්මකව කතා කරමු මේ ලිපියෙන්. ඩීසල් වාහනය නිෂ්පාදනය කරන සමාගම ඒක හදන්නෙ පෙට්‍රෝලියම් ඩීසල් (සාමාන්‍ය ඩීසල්) වලට ගැලපෙන විදිහටයි. එතකොට ඩීසල් ටැංකියෙ ඉදන් එන්ජිම වෙනකන් තියෙන කොටස් හදල තියෙන්නෙ පෙට්‍රෝලියම් ඩීසල් වලට උවමනා විදිහට. මෙතනදි ගොඩක් දුරට 1990 අවුරුද්දට කලින් අවුරුදු වල හදපු ඩීසල් වාහන වල රබර් හෝස් වගේ කොටස් Bio-Diesel එක්ක ප්‍රතික්‍රියා කරල ඒ බට වලට හානි වෙලා වාහනය දුවන්න බැරි වෙන්න පුලුවන්. එතකොට නිතරම රබර් හෝස් අලුතෙන් මරුකරන්න වෙලා වැඩිපුර සල්ලි වියදම් කරන්න වෙනව.ඒ වගේම ඩීසල් මට්ටම පෙන්වන මීටරේ පවා මේ නිසා හානි වෙන්න පුලුවන්. ටැංකියෙ තියෙන ඩීසල් පොම්ප කරන්න තියෙනවනෙ ඩීසල් පොම්පෙ ඉතිං මේ පොම්පෙයතත් හානි වෙන්න පුලුවන් අපි දැන් මේ කතා කරන බාල Bio-Diesel නිසා. ඩීසල් පොම්පෙන් යන ඩීසල් ටික ඊලගට ඩීසල් ෆිල්ටරයට යනව. එතනදි සමහර වෙලාවට Bio-Diesel වල තියෙන දේවල් නිසා මේ ෆිල්ටර් බ්ලොක් වෙන්න පුලුවන්. එතකොටත් ඔයාට සිද්ද වෙනව මේ ෆිල්ටර් සුද්ද කරන්න නැත්නම් මාරු කරන්න. ඩීසල් එන්ජිමේ තියෙන තවත් සියුම් තැනක් තමයි ඉන්ජෙක්ටර් පොම්පය. Bio-Diesel පවිච්චි කරල ඒකෙ බලපෑමක් හැටියට ඉන්ජෙක්ටර් වැඩකරන්නෙ නැතුව යන්න පුලුවන්. ඒ නිසා වාහනය දුවන්න ඕනිවෙන තෙල් ටික හරියට ලැබෙන්නෙ නැතුව ගිහින් එන්ජිම වැඩ කරන්නෙ නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.තවත් කිව්වොත් මේ කොටසෙන් ඔයගෙ වහනයට වෙන්න පුලුවන් හානිය ගොඩක් වැඩියි. පෙට්‍රොලියම් ඩීසල් වාහනයට Bio-Diesel පාවිච්චි කරනකොට සිද්ද වෙන තවත් වැරැද්දක් තියෙනව. ඒ තමයි අපි එන්ජිමට දාන එන්ජින් ඔයිල් ඉක්මනට මාරු කරන්න වෙනව. උදාහරණයක් විදිහට කිලෝමීටර් 5000න් සර්විස් කරන වාහනයක් නම් අනිවරෙන් ඒක කිලෝමීටර් 3000න් විතර සර්විස් කරන්න වෙනව. එතදි ඔයාට සිද්දවෙනව වාහනය සර්විස් කරන්න වැඩි මුදලක් වැය කරන්න. එහෙම හරි වෙලාවට සර්විස් එක කළේ නැත්නම් වෙන්නෙ එන්ජිම ඉක්මනට ගෙවෙන්න ගන්නව. ඉතිං එහෙම උනොත් නම් ඔයා ලොකු අමාරුවක තමයි වැටෙන්නෙ. මේ කියපු ප්‍රශ්න වලට අමතරව ශීත රටවල දී මේ Bio-Diesel සීතල කාලගුණය නිසා ඉක්මනටම ඝන වෙනව. නමුත් ලංකාවෙදි නම් මේ තත්වය ඇතිවෙන්නෙ නෑ. දැන් වෙනකොට Bio-Diesel නිෂ්පාදනය පරම්පරා 3කට බෙදල වෙන් කරන්න පුලුවන්. පළවෙනි මට්ටමේ පරීක්ෂණ වලදී කලින් සදහන් කරපු ප්‍රශ්න ඇතිවුනත් දෙවෙනි සහ තුන්වෙනි මට්ටමේ පරික්ෂණ වලදී කලින් කියපු ගැටලු ගොඩක් දුරට අඩු කරගෙනයි තියෙන්නෙ. එතනදි මේ Bio-Diesel වලට විවිද කෙමිකල් වර්ග කලවම් කරල හදල තියෙනව. ඒනිසා ප්‍රමිතියට හදල තියෙන Bio-Diesel වලින් නිසි කර්‍යක්ෂමතාව ලබා ගන්න පුලුවන්. මෙහෙම නව තාක්ෂණයෙන් Bio-Diesel නිෂ්පාදනය මේ වෙනකොට ගොඩක් අංශ වලට යොමුවෙලා තියෙනව. ලෝකයේ ආහාර ඉල්ලුමට හේතුවක් නොවෙන විදිහේ ශාක වර්ග යොදාගෙනයි මේ වෙනකොට Bio-Diesel නිෂ්පදනය කරන්නෙ. ඒකට හොදම උදාහරණයක් විදිහට කියන්න පුලුවන් ලංකාවෙ තෙල් එඩරු ගහ මේ සදහා යොදා ගැනීම. ඔයාගෙ වාහනයට පාවිච්චි කරන ඩීසල් ගැන විශ්වාසයක් නැත්නම් ඒ ඩීසල් වාහනයට දාන්න එපා. දැනට ශ්‍රී ලංකාවෙ වාහන වල මාකට් එක ගොඩක් වැඩි වෙලා තියෙන නිසා ස්පෙයාර් පාර්ට් සහ සර්විස් වල මිලත් ගොඩක් වැඩිවෙලා. ඉතිං තව දුරටත් ඩීසල් නොමැතිකම නිසා Bio-Diesel පාවිච්චි කරන්න හිතනවනම් ඒ ගැන දෙතුන් වතාවක් හිතල බලන්න. ලක්ෂ ගනනක් වියදම් කරල ගොඩක් මහන්සියෙන් ගන්න වාහනය ඔයා හිතලම ලෙඩ කරගන්නද හිතන්නෙ. කිසිම ප්‍රමිතියක් නැති තත්ව පරීක්ෂණයක් නොකරපු Bio-Diesel වලට රැවටිලා ඔයාගෙ වාහනයට දාන්න නම් යොමුවෙන්න එපා. ගොඩක් අය මේ දවස් වල YouTube වීඩියෝ බලල ඒවයේ තියෙන විදිහට Bio-Diesel හදන්න උත්සාහ කරනව. ඔබ එහෙම කරනව නම් ඔබේ උත්සහය හොද වෙන්න පුලුවන්. ඒත් ඔයාට ලැබෙන අවසන් ප්‍රතිඵලය හරිද වැරදිද කියල කොහොමද දැනගන්නෙ. ඒ නිසා මේ වෙලාවෙ රටේ තියෙන තත්වයත් එක්ක ටිකක් ඉවසල බුද්දිමත්ව වැඩ කරල අපි අපේ වාහනය පරිස්සම් කරගමු. එහෙම නම් අපේ මීලග ලිපියෙන් තවත් දේවල් ගැන කතා කරමු.
Read More

බාල පෙට්‍රල් හදුනා ගන්නෙ කෙසේද?

Post by: fixrichauto 2022-12-21 0 Comments
මේ වෙනකොට හැම ගෙදරකම වගේ මොකක් ම හරි වාහනයක් තියෙනව. ඒක නිසා පෙට්‍රල් කියන්නෙ ගෙදරකට අනිවරෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. මේ දවස් වල රටේ තියෙන පෙට්‍රල් හිගයත් එක්ක ගොඩක් අය යොමුවෙන දෙයක් තමයි කලුකඩ කාරයින්ගෙන් පෙට්‍රල් මිලට ගන්න එක. මේක ඇත්තටම කිව්වොත් පෙට්‍රල් වාහන වලට ගොඩක් නරක විදිහට බලපාන දෙයක්. ඒත් එක්කම පෙට්‍රල් වලට විවිධ දේවල් කලවම් කරල සමහරු විකුණනව. ඉතිං ගොඩදෙනෙක් මේ වගේ කලුකඩ වලින් පෙට්‍රල් මිලට අරගෙන අමාරුවෙ වැටෙන නිසා අපි තීරණය කළා බාල පෙට්‍රල් අදුනගන්න හැටි වගේම බාල පෙට්‍රල් වාහනයට දැම්ම්ට පස්සෙ මොකද වෙන්නෙ කියලත් ඔයාල එක්ක මේ ලිපියෙන් කතා කරන්න. ත්‍රීවීලර්,බයික්,කාර් වගේම තවත් ගොඩක් උපකරණ වලටත් පෙට්‍රල් පාවිච්චි කරනව. දැන් වෙනකොට මිනිස්සු ගොඩක් කාර්ය බහුල වෙලා තියෙන නිසා පෙට්‍රල් වාහනය කියනදේ අපේ ජීවිත වලට ගොඩක්ම කිට්ටු වෙලා. ඒකෙ වටිනම දේ තමයි අපිට අපිට මොකක්ම හරි වුවමනාවක් වුන ගමන්ම අපිට ඕනි තැනකට හිතේ හැටියට ගිහින් එන්න පුලුවන් වෙන එක. ඒත් අද වෙද්දි ගෙදර තියෙන්න ඕනි වාහන ගොඩක් තියෙන්නෙ සෙඩ් වල තෙල් පෝලිමට දාල. ගෙදරට ඕනි බඩු ටික ගන්න යන්න, බෙහෙත් ටික ගන්න යන්න වගේ ගොඩක් දේවල් වලට උවමනා වූ ඔයාගෙ පුංචි වාහනයත් ඇත්තෙ සමහර විට මේ වෙනකොට තෙල් පෝලිමේ. ඒ නිසා කලුකඩ කාරයින්ගේ තෙල් ජාවාරම මේ වෙනකොට බොහොම සරුවට කෙරීගෙන යනව. ඩීසල්,භූමිතෙල් වලට වඩා වැඩිපුර වාෂ්පවෙන බවක් මේ පෙට්‍රල් වලට තියෙනව. ඒක නිසා පෙට්‍රල් වල තියෙන වාෂ්ප ගතිය අඩු වුනොත් එහෙම අපිට හරියට පිකප් එකක් ගහන්න අමාරුයි. ඒ වගේම තෙල් පිච්චෙන එකත් වැඩිවෙනව. මේක වෙන්නෙ මොන වෙලාවට ද?. අපි පරණ පෙට්‍රල් කියල කතා කරන්නෙ මේකට තමයි. එක එක තැන් වල බූලි වල ගබඩා කරල වාෂ්ප වෙලා(රැස් ගිය) ගිය පෙට්‍රල් පවිච්චි කලොත් නම් මේ සිද්දියට අනිවාරෙන්ම මුහුණ දෙන්න සිද්ද වෙනව. පෙට්‍රල් සමග ගනුදෙනු කරනකොට අපි අනිවාරෙන්ම පෙට්‍රල් බූලි හොදින් වැහෙන විදිහටම වහල තියන්න ඕනි. නැත්නම් පෙට්‍රල් බූලියක් ගෙදර තියන් ඉන්නව කියන්නෙත් මරණයට අත වැනීමක්. ඒ මොකද කියනව නම් පෙට්‍රල් වෂ්පය තියෙන තැනකකට පොඩි ස්පාර්ක් එකක් ලැබුන ගමන් ගිනි ගන්න පටන් ගනන්ව. මේකට අපි හිතනව වගේ ලොකු ස්පාර්ක් එකක් ඇතිවෙන්න ඕනි නෑ. පෙට්‍රල් බූලිය තියෙන කාමරේ ලයිට් එක දාන්න ස්විච් එක දැම්මත් මේ වගේ ස්පාර්ක් එකක් ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා අපි හිතනවට වඩා මේ පෙට්‍රල් සෙල්ලම අමරුයි. මේ ලිපියෙ මුලින් කියපු විදිහට පෙට්‍රල් බාල කරල විකුණන අයියලත් ඉන්නව. මෙහෙම පෙට්‍රල් බාල කරන්න එකතු කරන එක දෙයක් තමයි තිනර් කියන්නෙ. ඒ කියන්නෙ පේන්ටින් වැඩ වලට ගන්න තිනර්. හාඩ්වෙයාර් වලින් ලේසියෙන්ම මිලදී ගන්න පුලුවන්. මේ තිනර් පෙට්‍රල් වලටත් වඩා වාෂ්පවෙන ගතිය වැඩියි. එක එක අය විවිධ අනුපත වලට කලවම් කලවම් කරල තමයි මෙහෙම විකුණන්නෙ. සමහර අය මේවට 2T කියන ඔයිල් වර්ගයත් කලවම් කරල දෙනව. දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි කොහොමද මේ තිනර් කලවම් කරපු පෙට්‍රල් හදුනගන්නෙ කියන එක. පෙට්‍රල් වලට වඩා තිනර් හොදට වාෂ්ප වෙන නිසාම අපිට පෙට්‍රල් සාම්පලයක සුවද බලපු ගමන්ම කියන්න පුලුවන් තිනර් කලවම් කරලද කියල. එහෙම නම් ඔයා දැනගෙන ඉන්න ඕනි තිනර් වල සුවද. මේ වෙනකොට ඔයා හොදටම දන්නවා ඇති තිනර් වල සුවද. හරි එහෙම නම් ඔයා දැන් දන්නව තිනර් කලවම් කරපු පෙට්‍රල් හොයගන්න ක්‍රමය. මේ විදිහටම පෙට්‍රල් බාල කරන්න කලවම් කරන්න ගන්න අනිත් දේ තමයි භූමිතෙල් කියන්නෙ. භූමිතෙල් වාෂ්පවෙන්නෙ  නම් බොහොම අඩුවෙන්. ඒත් කලුකඩ කාරයො දැන් භූමිතෙල් කලවම් කරල පෙට්‍රල් විකුණනව. මේ වෙලාවෙදි අපිට හොයාගන්න පුලුවන් ක්‍රම 2ක් තියෙනව. එක ක්‍රමයක් තමයි පෙට්‍රල් සම්පලයක් අරගෙන සුවද පරික්ෂා කිරීම. භූමිතෙල් කලවම් කරල තියෙනවනම් අනිවාරෙන්ම ඒකෙන් භූමිතෙල් සුවදක් හමනව. ඉතිං මේ විදිහට සුවද බැලුවොත් අනිවාරෙන්නම භූමිතෙල් කලවම් කරලද කියල දැනගන්න පුලුවන්. භූමිතෙල් කලවම් ද කියල බලන්න පුලුවන් අනිත් ක්‍රමය වෙන්නේ මතුපිට පාටෙන් වෙනසක් තියෙයිද කියල බලන ක්‍රමය. මේ ක්‍රමයට හොයාගන්න නම් පෙට්‍රල් වල පාට ඔයාට ගොඩක් හුරු වෙන්න ඕනි. පෙට්‍රල් වල තියෙන කහ පාට එක්ක භූමිතෙල් වල රතු-රෝස පාට කලවම් වෙලා තරමක තද කහ පාටක් ඇතිවෙනව.මේ සිද්දිය බලා ගන්න එක නම් ඔයාගෙ දක්ශතාවය සහ හැකියාව මත තීරණය වෙනව. ඉතිං විනිවිද පෙනෙන භාජනයක් අරගෙන ඔයාට ඉක්මනටම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුලුවන්. ඒවගේම ඔයා මෙහෙම පෙට්‍රල් මිලදී ගන්නව නම් අනිවාරෙන්ම විනිවිද පේන බූලියක්ම අරගෙන යන්න පුරුදු වෙන්න. තිනර් සභ භූමිතෙල් කලවම් කරපු පෙට්‍රල් වාහනයට දැම්මොත් නම් කාලයක් යනකොට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනව. එතනදි කාර් වගේ වටිනාකම ගොඩක් වැඩි වාහන වලට නම් මෙහෙම පෙට්‍රල් දාන්න හිතන්නවත් එපා. එහෙම කලොත් අන්තිමට ලොකු වියදමක් දීල වාහනය වාහනය රෙපයාර් කරන්න වෙනව. තිනර් ගත්තහම කොහොමත් රබර් වගේ දේවල් එක්ක ප්‍රතික්‍රියා කරනව. එතකොට අපේ වාහනයේ පෙට්‍රල් ගමන් කරන බට වගේ දේවල් කොහොමත් සවුත්තු වෙනව. පෙට්‍රල් ත්‍රීවීලර් බයික් වල තියෙන කාබියුරේටයත් තිනර් කලවම් කරපු පෙට්‍රල් නිසාම විනාස වෙනව. ඒ වගේම කාර් වෑන් වල තියෙන EFI කියන කොටසත් තිනර් නිසා හානි වෙන්න පුලුවන්. එතනින් එහාට ගියාම එන්ජිමට හානි කරන්නත් තිනර් සහ භූමිතෙල් හේතුවක් වෙනව. සමහර විට ඉක්මනට ස්පාර්ක් ප්ලග් මාරු කරන්නත් වෙයි. ඒ වගේම එන්ජිමේ බෝර් එක ඉක්මනින් ගෙවිල යන්න වගේ දේවල් වෙන්නත් පුලුවන්. භූමිතෙල් කියන්නෙ පෙට්‍රල් එන්ජිමක දහනය වෙන දෙයක් නෙමෙයි. මේ නිසා එන්ජිමේ කාබන් හිරවෙලා සයිලන්සර් බට වගේ ඒවත් හිර වෙන්න පුලුවන්. ඒ නිසා දැන් ඔයාට පුලුවන් කලුකඩ වලින් පෙට්‍රල් මිලට ගත්තත් රැවටෙන්නෙ නැතුව ඉන්න. එහෙමනම් කලින් කියපු දේවල් හොදට මතක තියාගෙන අවබෝධයෙන් වැඩ කරල අපි ඉස්සරහට යමු. තිනර් භූමිතෙල් වගේ දේවල් ආයෙත් වාහනයට නොදා ඉන්නව වගේම අනිත් අය එක්කත් අපි මේ දැනගත් දේවල් බෙදාගමු.
Read More

වීල් එලයිමන්ට් එක මේ තරම් වැදගත්ද?

Post by: fixrichauto 2022-12-14 0 Comments

වීල් එලයිමන්ට් කියන්නේ විශේෂයෙන්ම යුරෝපීය වාහන පදින ඔයාට ඉතාමත් වැදගත් දෙයක්. ඇත්තටම කියුවොත් ඔයාගෙ වාහනයේ වීල් එලයින්මන්ට් එක හරියට උනේ නැතිනම් ඔයාට ලොකු පාඩු විඳින්න සිදු වෙනවා. ඒවායින් ප්‍රධානම සහ බහුලව සිදුවන පාඩුව තමයි ටයර් අසමානව ගෙවී යාම. ඒ කියන්නේ ටයර් එකේ එක කොටසක් අනිත් කොටස් වලට වඩා ඉතා වේගයෙන් ගෙවීයනවා.

වීල් එලයින්මන්ට් එක හරියට නොවීම නිසා සිදුවන අනිත් පාඩුව තමයි අපේ වාහනයේ තියෙන සස්පෙන්ෂන් පද්ධතිය ඒ කියන්නේ ෂොක් ඇබ්සෝබර් තියෙන කොටස කැඩීයෑම. ඒකට හේතුව තමයි වීල් එලයින්මන්ට් එක හරියාකාරව නොවීම නිසා සස්පෙන්ෂන් පද්ධතියට අධික තෙරපුමක් ඇතිවීම.

ඉතින් මෙන්න මේ කරුණු නිසා ඔබ ඔබේ වාහනයේ වීල් එලයින්මන්ට් එක අනිවාර්යයෙන්ම කරගත යුතු වෙනවා.  ඒ වගේම අපි වාහනය සර්විස් කරනවා වගේ වරින්වර එය සිදු කිරීමත් අනිවාර්ය වෙනවා. අද අපි මේ ලිපියෙන්  කියන්නේ වීල් එලයින්මන්ට් කරන්නේ ඇයි? වීල් එලයින්මන්ට් කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒක කරන්න අවශ්‍ය වෙන්නේ මොනවගේ අවස්ථා වලදීද? කියන ඒවා ගැනයි. වීල් එලයින්මන්ට් ගැන කතා කරනකොට රෝද වල පිහිටීම මුලින්ම දැනගෙන ඉන්න ඕන,

අපිට හිතෙන්නේ වාහනයක රෝද කරකැවෙනකොට හරියටම ඔක්කොම එක සමාන්තරව පිහිටන විදියට කරකැවෙනවා කියලා නේද? එතකොට ඒ රෝදය ඇදකුද නැතිව කරකැවෙනවා කියලා නේද අපිට හිතෙන්නේ?

එත් එක්කම, අපි ස්ටියරින්ග් වීල් එක කරකවනකොට, රෝදය වාහනය ගමන් කරන දිශාවට අමතරව හරි මැද්දෙන් දෙපැත්තට කරකැවෙන්න ඕනනේ.  ඒකත් ඇදයක් නැතිව කරකැවෙනවා කියලා නේද අපිට හිතෙන්නේ ?

අපිට එහෙම හිතුනට එහෙම වෙන්නේ නැහැ. රෝද කරකැවෙනකොට හරියටම එක සමාන්තරව රෝද පිහිටන්නේ නැහැ. ඉතින් ඒ නිසා එක සමාන්තරව රෝද කරකැවෙන්නෙත් නැහැ. එතකොට එක රෝදයක් ගත්තම ඒ එක රෝදය හරි කෙලින් පොලවට ලම්භකව පිහිටන්නේ නැහැ. ඒ නිසා රෝදය වාහනය ගමන් කරන දිශාවට කරකැවෙනකොට හරි කෙලින් පිහිටලා කැරකෙන්නේ නැහැ.  ඒ නිසා අපි ස්ටියරින්ග් වීල් එක කරකවනකොට රෝදය එක තැන කරකැවෙන්නේ ඇද සහිතවයි.

වීල් එලයිමන්ට් කරනවා කියන්නේ මොකක්ද?

ඉතින් වීල් එලයින්මන්ට් කරනවා කියන්නේ ඔය කියන ඇද ටික ඇරලා අර අපි මුලින් හිතුවා වගේ රෝද ඔක්කොම එක සමාන්තරව පිහිටන විදියට, එක රෝදයක් වාහනය ගමන් කරන දිශාවට පොලවට හරි ලම්භකව කරකැවෙන විදියට, ඒ වගේම රෝදය ස්ටියරින්ග් වීල් එකෙන්  එක තැන කරකවෙද්දී හරි කෙලින් පිහිටලා කරකැවෙන විදියට හදාගන්න එක. වීල් එලයින්මන්ට් එකේ කරන්නේ ඔන්න ඔය ඇද ටික හදනවා කිව්වට මොනාද ඔය ඇදකුද කියලා හරියටම ඉගෙනගෙන ඉන්න ඕන.

TOE එහෙමත් නැතිනම් ටෝ එක

TOE එහෙමත් නැතිනම් ටෝ කියල කියන්නේ අපි වාහනේ ස්ටියරින්ග් වීල් එක හරි කෙලින් තියලා, ඉදිරිපස හෝ පිටුපස තියෙන රෝද යුගලය දෙස උඩ ඉඳලා බලනකොට වාහනයේ ඇතුල් පැත්තට හෝ පිට පැත්තට ඒ ඒ රෝදය හැරවිලා තියෙන ප්‍රමාණයටයි. රෝදය වාහනයේ ඇතුලට හැරවිලා තියෙනවා නම් අපි කියනවා TOE–IN කියලා. රෝදය වාහනයෙන් පිටතට හැරවිලා නම් අපි කියනවා TOE–OUT කියල. සෑම වාහනයකම ඔන්න ඔය කිව්ව ටෝ එක තිබිය යුතු ප්‍රමාණය එක්තරා පරාසයකින් දක්වලා තියෙනවා. එහෙම නැතිනම් ටෝ එක අංශක -0006’ ට වඩා අඩු නම් අපි කියනවා TOE–IN කියලා ඒ වගේම අංශක 0006” වඩා වැඩිනම් අපි කියනවා TOE–OUT කියලා

CAMBER එහෙමත් නැතිනම් කැම්බර් එක

CAMBER එහෙමත් නැතිනම් කැම්බර් එක කියලා කියන්නේ අපි වාහනයේ ඉස්සරහ ඉඳන් රෝදය දෙස බලනකොට පොලවට ලම්බකව තියෙන අක්ෂයේ සිට රෝදය ඇල වී තියෙන කෝණයටයි. මේ කෝණය සෑමවිටම මනින්නේ අර කිව්ව පොලවට ලම්බක අක්ෂයේ සිටයි. ඒ නිසා ඒ කෝණය සෑම විටම සුළු කෝණයක් වෙනවා.

එතකොට ඔබට තේරෙන්න ඕන  රෝදය පොළවට ලම්බක අක්ෂයේ සිට වාහනයේ ඇතුල් පැත්තට ඇලවෙන්නත් පුළුවන් වගේම වාහනයෙන් පිට පැත්තටත් ඇලවෙන්න පුළුවන් බව. ඔන්න ඔය ඇතුල් පැත්තට රෝදය නැවිලා තියෙනවා නම් අපි කියනවා ඒකට නෙගටිව් කැම්බර් කියලා. ඒ වගේම රෝදය වාහනයෙන් පිට පැත්තට ඇලවෙලා තියෙනවා නම් අපි කියනවා පොසිටිව් කැම්බර් කියලා. කලින් TOE එකේදී අපි කිව්වා වගේම CAMBER එකේදිත් සෑම වාහන මාදිලියකම එහි තිබිය යුතු CAMBER එකේ පරාසයක් තියෙනවා. එලයින්මන්ට් එකකදී කරන්නේ ඔන්න ඔය පරාසයෙන් පිටත අගයක CAMBER එක තිබුනොත් එය එම පරාසය තුල ඇති අගයකට ගන්න එක.

CASTER එහෙමත් නැතිනම් කැස්ටර් එක

කැස්ටර් එකට කලින් අපි දැනගන්න ඕන ස්ටියරින්ග් ඇක්සිස් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා වාහනයේ ස්ටියරින්ග් වීල් එක කරකවනකොට වාහනයේ ඉදිරිපස රෝද දෙක කරකැවෙන බව. අන්න ඒ කරකැවෙන අක්ෂයට තමයි අපි කියන්නේ ස්ටියරින්ග් ඇක්සිස් එක කියලා. ඔන්න ඔය ස්ටියරින්ග් ඇක්සිස් එක දිහා අපි වාහනයේ පැත්තෙන් බලනකොට ඒ ඇක්සිස් එකට  පොලවට ලම්භක අක්ෂයේ ඉඳලා තියෙන කෝණයට තමයි අපි කියන්නේ කැස්ටර් එක කියලා.

එතකොට TOE සහ CAMBER වගේම CASTER එකේදිත් පොසිටිව් සහ නෙගටිව් කියලා දෙකක් තියෙනවා. එතකොට පොසිටිව් කැස්ටර් එක කියන්නේ ඔන්න ඔය ස්ටියරින්ග් ඇක්සිස් එක වාහනයේ රියදුරා දෙසට ඇලවී තියෙනවනම් අන්න ඒ අවස්ථාවට. නෙගටිව් කැස්ටර් කියලා කියන්නේ ස්ටියරින්ග් ඇක්සිස් එක වාහනයෙන් ඉදිරිපසට ඇලවී තියේනම් අන්න ඒ අවස්ථාවට. ඒ වගේම වාහන මාදිලියෙන් මාදිලියට ඔන්න ඔය කිව්ව කැස්ටර් එකේ තිබිය යුතු පරාසයක් තියෙනවා.

ඇත්තටම මෙහෙම වීල් එලයින්මන්ට් නැති වෙන්නේ ඇයි කියල දන්නවද?

දැන් ඔයාලා වීල් එලයින්මන්ට් ගැන ගොඩක් දේවල් දන්නව. හැබැයි ඉතින් හොඳට තිබ්බ වාහනයක නිකම්ම වීල් එලයින්මන්ට් නැති වෙන්නෙත් නැහැ. එහෙම වෙන්නත් හේතු තියෙනවා. ගොඩක් වෙලාවට වීල් එලයින්මන්ට් නැති වෙන්නේ රෝදය ආශ්‍රිතව රෙපෙයාර් එකක් කරන්න සිද්ද උනොත් තමයි. උදාහරණ හැටියට කොයිල් ස්ප්‍රින්ග්, CV ජොයින්ට් හෝ ෂොක් වගේ දේවල් අලුතින් දැම්මොත් වීල් අලයින්මන්ට් නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම ඔබේ වාහනේ ලෝවර් ආර්ම් එක කැඩුනොත්, එත් වීල් මිස් එලයින්මන්ට් වෙනවා. මීට අමතරව ඔබේ වාහනේ බෝල් ජොයින්ට් එක ගලවන්න සිද්ද උනොත් එහෙම ඒ වෙලාවටත් රෝද මිස් එලයින්මන්ට් වෙන්න පුළුවන්. කොහොමහරි රෝදේ ඔය සංවේදී කොටස් අතපත ගෑවෙන විදියේ වැඩක් සිද්ද උනොත් වීල් එලයින්මන්ට් නැති වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.

ඉතින් ඔය කිව්ව දේවල් එක්ක වීල් එලයින්මන්ට් චෙක් කරන්න ඕන අවස්ථා ටිකක් අපිට පෙන්නලා දෙන්න පුළුවන්. දැන් බලමු ඒ මොනවද කියලා.

වීල් එලයින්මන්ට් කරන්න අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවලද?

වීල් එලයින්මන්ට් කරන්න ඕන අවස්ථා නොදන්නාකම නිසා ඉතා විශාල පාඩු සිදුවෙනව. ඒ නිසා පහත අවස්ථා වලදී ඔබ ඔබේ වාහනයේ වීල් එලයින්මන්ට් එක කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා.

  1. වාහනයේ ටයර් වල අසමාකර ගෙවියාමක් දකින්නට තිබේනම්,
  2. සැලකියයුතු අනතුරක් සිදු උනාට පසුව
  3. CV ජොයින්ට් අලුතින් දැමූ පසුව
  4. බෝල් ජොයින්ට් අලුතින් දැමූ පසුව
  5. ලෝවර් ආර්ම් එක හෝ එහි බුෂ් අලුතෙන් දැමූ පසුව
  6. සෑම කිලෝමීටර් 50000 කට වරක්ම
  7. ස්ටියරින් හා සස්පෙන්ෂන් පද්ධති වල අලුත්වැඩියාවක් සිදුකළ පසු, උදාහරණයක් විදිහට ෂෝක්ඇබ්සෝබර් කොයිල් ස්ප්‍රින් වැනි කොටස්
Read More

ක්ලච් එක හරියට පාගන්න මේ දේවල් දැනගන්න

Post by: fixrichauto 2022-12-07 0 Comments

ඔයා ක්ලච් එක පාගනකොට හිතල තියෙනවද ඔයාගේ වාහනයේ ඇතුලේ මොකක්ද වෙන්නේ කියල ? එහෙමත් නැතිනම් ඔයා හිතල තියෙනවද ඇයි ක්ලච් එක පාගන්න ඕන හැමතිස්සෙම ගියර් එක දාන්න කලින් කියල? ඉතිං ඒනිසාම විශේෂයෙන්ම යුරෝපියන් වාහනයක් පාවිච්චි කරන ඔයාට ක්ලච් එක දැන ගන්න ඕනි දේවල් මොනවද කියල අද අපි මේ ලිපියෙන් කතා කරන්න සූදානම්.

ඔයා දැනටමත් දන්නවා ඇති පිස්ටන් ඉහල පහල යනකොට ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කැරකෙනව කියල. එතකොට ඔන්න ඔය කැරකෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක තමයි රෝද වලට සම්බන්ධ වෙන්නේ. හැබැයි  ක්රෑන්ක් ෂාෆ්ට් එක රෝද වලට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. එකට හේතුව තමයි අභ්‍යන්තර දහන එන්ජිමකින් ඉතා ලොකු බලයක් සහිතව යමක් කරකවන්න බැයි වීමයි ඒ නිසා තමයි ගියර් පද්ධතියක් එකතු කරල තියෙන්නේ.

සාමාන්‍යයෙන් ගියර් තියෙන බයිසිකලයක ගියර්වීල් එක අරයෙන් අඩු වීල් එකකට දානකොට අඩු බලයක් දීල වැඩි රවුම් ප්‍රමාණයක් කරකවන්න ඕන. හැබැයි ඒ ටිකම කරන්න පුළුවන් ඒ කිව්ව ගියර් වීල් එකට වඩා ලොකු අරයක් තියෙන ගියර් වීල් එකකට දාලාත්.ඒත් ඔයාට මෙහිදී වැඩි බලයක් දෙන්න වෙනවා. නමුත් අඩු රවුම් ප්‍රමාණයක් තමයි කරකවන්න ඕන. ඔන්න ඔය දේම තමයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එකටත් වෙන්නෙත්. ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට කරකවන්න පුළුවන් උපරිම බලයක් තියෙනවා. ඊට වඩා කරකවන්න එකට බැහැ. ඉතින් ගියර් පද්ධතියෙන් කරන්නේ ඒ වෙලාවට අරය අඩු ගියර් වීල් එකක් රෝද සහ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක අතරට දාල අඩු බලයකින් වැඩි රවුම් ප්‍රමාණයක් කරකවන්න සැලැස්වීමයි කන්දක් අදිනකොට වෙන්නේ ඔහොමයි. ඒ නිසා තමයි අපි කන්දක් අදිනකොට ෆස්ට් එකට හරි සෙකන්ඩ් එකට හරි මාරු කරන්නේ. තැනිතලාවක උපරිම වේගයකින් යන්න ඕන වෙනකොට උඩ ගියර් වලට යන්නේ. එතකොට මේ first හරි second හරි ගියර් වල ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි රෝදයි අතර තියෙන ගියර් වීල් එක තර්ඩ් ෆෝර්ත් එහෙමත් නැතිනම් ඊටත් වඩා උඩ ගියර් වල වීල් එකකට වඩා අරයෙන් අඩුයි.

ගියර් මාරු කරනකොට ක්ලච් එක පාගන්නේ ඇයි?

අපිට ගියර් එක මාරු කරද්දී තමයි ක්ලච් එක ඕන වෙන්නේ. ක්ලච් එකෙන් කරන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් ගියර් වීල් වලට එන බලය නැවැත්වීමයි.එහෙම නවත්තන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි ගියර් පද්ධතියයි අතර සම්බන්ධය නැති කරලා. එහෙම ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ බලය ගියර් වීල් වලට එන එක නැවැත්තුවහම තමයි ගියර් වීල් එක මාරු කරන්න පුළුවන් වෙන්නෙ, එහෙම නැති උනොත් මාරු කරන්න කලින් තියෙන ගියර් වීල් එක ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් කරකවන නිසා අපි මාරු කරන්න හදද්දී වීල් එකේ දැති කැඩෙන්නත් පුළුවන්.

අපි දැන් බලමු කොහොමද ක්ලච් එකෙන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි ගියර් පද්ධතියයි අතර තියෙන සම්බන්ධය නැති කරන්නේ කියල. ගියර් බොක්ස් එකේ දැති රෝද ටික හදල තියෙන්නේ ඒ හැම දැති රෝදයක්ම එකතැන කරකැවෙන විදියටයි. ඔය දැතිරෝද  හරහා යන ෂාෆ්ට් එක තමයි මේන් ෂාෆ්ට් එක කියන්නේ. ඒක තමයි කෙලින්ම රෝද වලට සම්බන්ධ වෙන්නේ.

මෙහිදී ඔබ දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔය අපි කියපු මේන් ෂාෆ්ට් එකට කෙලින්ම හයිවෙලා නැතිවයි තියෙන්නේ. ඒ කියන්නේ මේන් ෂාෆ්ට් එක වටා එකතැන කරකැවෙන්න තමයි හදලා තියෙන්නේ. මේන් ෂාෆ්ට් එකයි දැති රෝදයකුයි එකට හයිවෙලා කරකැවෙන්න නම් මේන් ෂාෆ්ට් එකේ ඔය කියපු හැම දැති රෝදයකටම කලින් තියෙන මේන් ෂාෆ්ට් එකට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන දැති රෝදයකුයි එකට සම්බන්ධ වෙන්න ඕන. ඔන්න ඔය කිව්වා ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙයි මේන් ෂාෆ්ට් එකෙයි සම්බන්ධය නැති කරන්න තමයි ක්ලච් එක තියෙන්නේ.

එන්ජිමේ ෆ්ලයි වීල් එක ( එන්ජිමේ ක්‍රෑන්ක් ශාෆ්ට් එකට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන දතිරෝදය) සහ ගියර් බොක්ස් ඉන්පුට් ශාෆ්ට් එකයි අතර තියෙන ඩිස්ක් එක. ඔන්න ඕකට තමයි ක්ලච් ඩිස්ක් එක කියන්නේ. ඔන්න ඔය ඩිස්ක් එක ඉහත කිව්ව ෆ්ලයි වීල් එකේ මුහුණතට තද කලාම ඩිස්ක් එක ගොරෝසු නිසා ෆ්ලයි වීල් එකත් එක්කම ඩිස්ක් එක කරකැවෙනවා. ඩිස්ක් එකට සම්බන්ධ කරලා තියෙනවා මේන් ෂාෆ්ට් එක.

එතකොට දැන් ඔබට තේරෙන්න ඕන ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි මේන් ශාෆ්ට් එකයි අතර තියෙන සම්බන්ධය ඇති නැති කරන්නේ ඔන්න ඔය ගොරෝසු ඩිස්ක් එක ෆ්ලයි වීල් එකට තද කිරීමෙන් සහ ඈත් කිරීමෙන් කියලා.

ඒ වගේම ඔබට තේරෙනවා ඇති අපි ක්ලච් එක පාගනකොට ඔන්න ඔය කිව්ව ගොරෝසු ඩිස්ක් එක ෆ්ලයි වීල් එකෙන් ඈත් වෙන්න ඕන කියලා. ඒ වගේම අපි ක්ලච් එක අත අරිනකොට ඔය කිව්ව ගොරෝසු ඩිස්ක් එක ෆ්ලයි වීල් එක එක්ක හොඳට තද වෙලා ඉන්න ඕන.

ප්‍රෙශර් ප්ලේට් එක කෙලින්ම තද වෙලා තියෙන්නේ ෆ්ලයි වීල් එකට ඇන වලින්. ෆ්ලයි වීල් එකයි ප්‍රෙෂර් ප්ලේට් එකයි අතර තියෙනවා අර ගොරෝසු ඩිස්ක් එක එතකොට සාමාන්‍ය අවස්තාවේදී ඔය ගොරෝසු ඩිස්ක් එක ප්‍රෙෂර් ප්ලේට් එක මගින් හොඳට ෆ්ලයි වීල් එකට තද වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ක්ලච් එක පාගන්නේ නැති වෙලාවේ එහෙම තමයි තියෙන්නේ.

ජියර් එක දානකොට කිසිම වෙලාවක කලච් එක බාගෙට පාගන්න හොද නෑ. ඒ වගේම කලච් එක පාගන්නෙ නැතුව ජියර් දැමීමත් කරන්න හොද නෑ. ඔයාගෙ වාහනය ඔටෝ ජියර් වාහනයක් නම් මේ ප්‍රශ්නය ඇති වෙන්නෙ නෑ. ඒත් ඔටෝ ජියර් වාහනයක් පාවිච්චි කරනව නම් ඒ ගැන සැලකිලින්මත් වෙන්න ඕනි කොහොමද කියල අපි මීලග ලිපියකින් කතා කරමු. ඔයාගේ වාහනය මැනුවල් වාහනයක් නම් නිතරම සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි කලච් පොම්පයේ ඔයිල් මට්ටම. අපේ වාහනයේ කලච් පොම්පයේ ඔයිල් මටටම අඩු වෙලා තිබුනොත් ක්ලච් එක හරියට වැඩ කරන්නේ නැති වෙලා යනව. ඒ නිසාත් අපේ වාහනයේ ක්ලච් එක හරියට වැඩ කරන්නේ නැතිවෙලා යනව.

Read More

Bio Diesel හදන්නෙ කොහොමද?

Post by: fixrichauto 2022-11-28 0 Comments

මේ දවස් වල ගොඩක්ම කතා බහට ලක්වෙන දෙයක් තමයි Bio Diesel කියන්නෙ. ඒ වගේම සමහර අය මේ වෙනකොට Bio Diesel හදල වාහන පදින්න උත්සහ කරනව. එහෙනම් අද අපි මේ ලිපියෙන් කතා කරමු Bio Diesel හදන හැටි වගේම ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද කියල. ඉතිං එතකොට ඔයාට පුලුවන් හරි දැනුමක් අරගෙන මේ කියන Bio Diesel පාවිච්චි කරන්න.

අපි පාවිච්චි කරන සාමාන්‍ය ඩීසල් වලට කියන්නෙ පෙට්‍රෝලියම් ඩීසල් කියල. මේ වෙනකොට අපි දන්නව ලංකාවෙ ලොකුම ලොකු තෙල් ප්‍රශ්නයක් තියෙනව. මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක ගොඩක් අය යොමුවුන දෙයක් තමයි Bio Diesel. නමුත් ලෝකයේම ගත්තහම තාමත් ජනප්‍රිය තෙල් වර්ගය වෙන්නෙ පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල්. ඒ මොකද කිව්වොත් හරිම ලේසියෙන් අපිට මේව මිලදී ගන්න පුලුවන්. ඕනි තරම් ගන්න තියෙනව. ඒ වගේම මිලත් අඩුයි. මම මේ කියන්නෙ තෙල් පෝලිම් එන්න කලින් කාලෙ ගැන.ලෝකයේ බොරතෙල් හදල විකුණන රටවල් කීපයයි තියෙන්නෙ. ඒ නිසා ලංකාව වගේ රටවලට සිද්දවෙනව තෙල් විකුණන රටවල් මත යැපිල තෙල් මිලට ගන්න. පරීක්ෂණ කරන අය හොයාගෙන තියෙන විදහට නම් දැනට හොයාගෙන තියෙන තෙල් නිධි වලින් තෙල් අරගන්න පුලුවන් තවත් අවුරුදු 50ක වගේ කාලයක් විතරයි. ඒ කියන්නෙ බොරතෙල් එහෙම නැත්නම් පොසිල ඉන්ධන පුනර්ජනනය වෙන්නෙ නැහැ. දැනට ස්වභාවිකව පිහිටල තියෙන තෙල් නිධි ටික ඉවර උනහම පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල් කියන මේ තෙල් වර්ග ලෝකයෙන් නැත්තටම නැතිවෙලා යනව.

Bio Diesel කියන්නෙ ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි මේ සොයාගැනීම දැනට අවුරුදු 100කටත් වඩා පරණයි. අද වෙනකොට ගොඩක් පරීක්ෂණ කරල ලෝකයේ කාර්මිකව පාවිච්චි කරන දෙයක් තමයි මේ Bio Diesel. Bio Diesel වල තියෙන වැදගත්ම දේ තමයි අපිට මේක සාමාන්‍ය ඩීසල් එන්ජිමට පාවිච්චි කරන්න පුලුවන්. (ඒ කොහොමද කියල අපි මේ ලිපියෙ අවසාන කොටසින් කතා කරමු) ඒ වගේම Bio Diesel හදන ක්‍රමය එතරම් සංකීර්ණ නෑ. ගෙදර-දොර පාවිච්චි කරල අයින් කරන තෙල් උනත් මේකට යොදා ගන්න පුලුවන්. නමුත් මේ Bio Diesel නිෂ්පාදනයට ශාක තෙල් යොදාගන්න නිසා කෘෂිකර්මාන්තයට සහ ආහර ක්ෂේත්‍ර වලට බලපෑම් වෙලා තියෙනව.

හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේ කියන විදිහට Bio Diesel හදන්නෙ කියල. Bio Diesel හදන්න මුලින්ම අපිට ඕනිවෙනව මොකක් හරි තෙල් වර්ගයක්. ඒ කියන්නෙ මොනම වර්ගයක ශාක තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්. නැතිනම් අපේ ගෙවල් වලින් නිතරම අයින් කරන දෙයක් තමයි, බැදල අයින් කරන තෙල්. මේ විදිහට බැදල අයින් කරන පොල්තෙල් වලිනුත් අපිට Bio Diesel හදාගන්න පුලුවන්. බැදල අයින් කරපු තෙල් ගන්නවනම් මුලින්ම ඒ ටික හොදට පෙරා ගන්න ඕනි. මොකද නැත්නම් මේ වගේ ආහාර කොටස් තැන්පත් වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා පෙරහන් කඩදාසි වගේ දේකින් බැදපු තෙල් ටික පෙරා ගන්න. ඒ වගේම Bio Diesel හදන්න ඕනිකරන අනිත් දේ තමයි කෝස්ටික් සෝඩා. මේ කෝස්ටික් සෝඩා වගේ දේවල් එක්ක වැඩ කරන කොට ප්‍රවේසම් වෙන්න ඕනි ගොඩක්. නැත්නම් මේ රසායනික ද්‍රව්‍ය අපේ ඇගේ ගෑවිලා අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේකට ඕනිකරන අනිත් දේ තමයි මෙතනෝල්. මෙතනෝල් කියනදේ ඔබ මීට කලින් අහල ඇතිනෙ.  Bio Diesel හදන්න ගන්න ඕනිකරන දේවල් ගන්න ප්‍රමානයක් තියෙනව. ඒ අවශ්‍ය අනුපාතයට පාවිච්චි කළේ නැත්නම් මේ ප්‍රතික්‍රියාව වරදින්න පුලුවන්. අපි දැන් හරි ප්‍රමාණයට ගත්ත මෙතනෝල් වලට කෝස්ටික් ටික දාලා කලවම් කරන්න කර ගන්න ඕනි. මේ වර්ග 02 හරියට කලවම් වෙන්න නම් මේ භාජනය රත් කරන ගමන් කලවම් කරන්න ඕනි. නියමිත ගානට කලවම් කරල ඉවර වෙලා මුලින්ම පෙරල තියාගත්ත පොල්තෙල් ටික අවසානෙට එකතු කරන්න ඕනි. තවත් හොදට මේ ඔක්කොම ටික කලවම් කරගෙන තියාගත්තට පස්සෙ අපිට දකින්න ලැබෙනව Bio Diesel හැදිල තියෙනව.

ප්‍රතික්‍රියාව සිද්දවෙලා අවසානෙට Bio Diesel වලට අමතරව හැදෙන තව දෙයක් තියෙනව. මේකට කියන්නෙ ග්ලිසරෝල් කියල. මේ ග්ලිසරෝල් ලේසියෙන්ම අයින්කරගන්න පුලුවන්. මොකද ඒක Bio Diesel වලට යටින් අඩියෙ තැන්පත් වෙලා තියෙන්නෙ නිසා. එහෙම නම් අන්තිම පියවර විදිහට ඔබට බලාගන්න පුලුවන් Bio Diesel හැදිල තියෙනව.

මේ විදිහට හදාගන්න  Bio Diesel පාවිච්චි කරන්න ගන්න නම් ඒවා පෙට්‍රෝලියම් ඩීසල් එක්ක කලවම් කරන්න ඕනි. එහෙම පෙට්‍රෝලියම් ඩීසල් වලට කලවම් නොකරපු 100%ක් ම Bio Diesel පමණක් නම් එම Bio Diesal , B100 කියල සංකේතවත් කරනව. Bio Diesal 20% ක් එක්ක පෙට්‍රෝලියම් ඩීසල් 80% ක් කළවම් කරල තියෙනව නම් ඒ Bio Diesel , B20 කියල සංකේතවත් කරනව. දැනට අපිට තියෙන ඩීසල් ප්‍රශ්නෙට විසදුමක් විදිහට Bio Diesel හැදුවත් ඒක පාවිච්චි කරන එක නම් භයානකයි. ලොකුම ප්‍රශ්නෙ තමයි අපි රසායනික ප්‍රතික්‍රියා කරල හදාගත්ත Bio Diesel වල ප්‍රමිතිය ගැන කොහොමද විශ්වාස කරන්නෙ. ඒ ලැබෙන Bio Diesel හරිම Bio Diesel ද කියල දන්නෙ නැතුව කොහොමද අපි පාවිච්චි කරන්නෙ. ඒ වගේම අපිට Bio Diesel හදල කාටවත් විකුණන්න බෑ. විකුණනව නම් නීතියෙන් අවසරයක් ගන්න ඕනි.

පෙට්‍රෝලියම් ඩීසල් එක්ක Bio Diesel සසදනකොට දේවල් කීපයක් කියන්න පුලුවන්. Bio Diesel වලින් ලැබෙන ශක්තිය පෙට්‍රෝලියම් ඩීසල් වලින් ලැබෙන ශක්තියට වඩා 10%කින් විතර අඩුයි. ඒ නිසා නිෂ්පාදනය වන ශක්තිය සුලු ප්‍රමාණයක් අඩු නිසා Bio Diesel වල වැය වීමත් සුලු ප්‍රමාණයක් වැඩියි. දැන් වෙනකොට Bio Diesel නිෂ්පාදනයට මතුවෙලා තියෙන ගැටලු ගොඩක් අඩු කරගෙනයි තියෙන්නේ. ඒ නිසා වැඩි ඵලදායීතාවකින් සහ උපරිම කාර්‍යක්ෂමතාවකින් බලශක්ති අවශ්‍යතාවට ලබාදෙන්නට මේ කියන Bio Diesel වලට පුලුවන් වෙලා තියෙනව. අමුද්‍රව්‍ය විදිහට ශාක තෙල් යොදා ගන්න නිසාත් ආහාර ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට විලෝපීය ශාක වගේ දේවලුත් මේ වෙනකොට යොදාගෙන තිබෙනව.

බොහෝ තරුණ පිරිස් දැන් වෙනකොට Bio Diesel හදන්න අත්හදා බැලීම් එහෙමත් නැත්නම් ඒ වෙනුවෙන් පරීක්ෂණ කරනව. සමහරු හරි දැනුමක් නැතුවත් මේ දේවල් කරනව. ඒ නිසා මේක බොහොම භයානක සහ අනතුරුදායක වෙන්න පුලුවන්. ඉතිං ඔබ Bio Diesel හදන්න යොමුවෙනව නම් ඒකට නිසි ආයතනයකින් දැනුම ලබා ගන්න. නොදැනුවත්කමින්  Bio Diesel හදල වාහනයට දාල නිකම් අමාරුවෙ වැටෙන්න එපා. ඒ වගේම අපේ මීලග ලිපියෙන් අපි කතා කරමු  Bio Diesel වාහනයට දැම්මම මොකද වෙන්නෙ කියල.

Read More

ඔබගේ වාහනයේ service එක -හරියටම කරලද කියල බලන ක්‍රම 5 මෙන්න

Post by: fixrichauto 2022-11-21 0 Comments

වාහන අයිතිකරුවෙක් වගේම රියදුරෙක් හැටියටත් අනිවාරෙන්ම දැනගන්න ඕනි දෙයක් තමයි වාහනයෙ service එක කියන්නෙ. වාහනය පදිනකොට විවිධ කොටස් ගෙවීම සිද්ධවෙන නිසා සමහර දේවල් අලුතෙන් මාරු කරන්න ඕනි. නැත්නම් එජස්ට් කරන්න ඕනි සහ check කරන්න ඕනි. ඒ වගේම තවත් දේවල් clean කරන්න ඕනි. ඒ නිසා වාහනය හොද ක්‍රියාකරී මට්ටමේ පවත්වා ගන්න නම් මේ කියපු දේවල් ටික හරියටම හරිම වෙලාවට සිදු කරන්න ඕනි. ඉතිං මේ වෙනකොට ඔයා මේ දේවල් ගැන හරි වැටහීමක් නැති වෙන්න පුලුවන්.  ඒනිසා අද අපි මේ ලිපියෙන් කතා කරමු  ඔයාගෙ වාහනයේ service එක හරියටම කරලද කියල බලන්නෙ කොහොමද කියල.

ඔයාගෙ වාහනයෙ service එක හරියටම කරලද කියල බලාගන්න වගේම ලෙඩක් නැතුව වාහනයක් පදින්නත් මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනි. ඔයාලට පහසු වෙන්න මේ කරුණු ටික කොටස් 05 කට බෙදා ගනිමු.

01.වාහනයේ රෝද හතර ගලවා බ්‍රේක් පද්ධතිය පරික්ෂා කිරීම

  • බ්‍රේක් පෑඩ්
  • බ්‍රේක් ඩ්‍රම්
  • බ්‍රේක් ඩිස්ක්
  • සිලින්ඩරය

වාහනයෙ රෝද ගලවලා බ්‍රේක් පෑඩ් ගෙවිලද කියල පරික්ෂා කරන්න ඕනි. බ්‍රේක් කැලිපර් පින් හිරවෙලාද, බ්‍රේක් පිස්ටන් මලකඩ කාලද, සිලින්ඩර් වලින් ඔයිල් කාන්දු වෙනවද  වගේ දේවලුත් හොදින් බලන්න ඕනි. ඒ වගේම ඩිස්ක් බ්‍රේක් තියෙනව නම් ඒ ඩිස්ක් වල පිපිරීම හරි ඉරිතැලීම හරි තියෙයිද කියලත් වැඩි අවධානයක් දෙන්න ඕනි. ඔයා වාහනය පදිනකොට විටින් විට බ්‍රේක් වල ප්‍රශ්න මතු වෙලා තියෙනව නම් මේ වෙලාව තමයි මේක පරීක්ෂා කරන්න හොදම වෙලාව. බ්‍රේක් ඔයිල් අඩු වෙනව නම් අනිවාරෙන්ම බ්‍රේක් සිලින්ඩරයේ ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්. ඒ වගේම බොහෝ දුරට බ්‍රේක් වොෂර් ගෙවිල තියෙන්නත් පුලුවන්

02.ලිහිසි තෙල් පරීක්ෂාව.

  • එන්ජින් ඔයිල්
  • ගියර් බොක්ස් ඔයිල්
  • බ්‍රේක් ඔයිල්
  • පවර් ස්ටියරින් ඔයිල්
  • ඩිෆරන්සල් ඔයිල්
  • ක්ලච් ඔයිල්
  • බැටරි වතුර
  • රේඩියේටර් කූලන්ට්

වාහනයෙ එන්ජිම ක්‍රියා කරන කොට එන්ජිම ඇතුලෙ කොටස් ගෙවීම අඩු කරන්නට lubrication ඔයිල් පාවිච්චි කරනව. ඒ වගේම ජියර් බොක්ස් එකට. ස්ටියරින් පම්ප් වලටත් ඔයිල් පාවිච්ච් වෙනව. මේ නිසා නියම කරල තියෙන කාලය ඉවර වෙනකොට වාහනයට අපි දාල තියෙන ඔයිල් මාරු කරන්න ඕනි. එහෙම නැති උනොත් නම් වාහනයේ වටින කොටස් ගොඩකට හානි වෙලා එන්ජිම නම් හිර වෙන්න උනත් පුලුවන්. ඒ වගේම වාහන නිෂ්පාදකයා කියල තියෙන ඔයිල් වර්ගයම විතරක් ඔයාගෙ වාහනයට අලුතෙන් දාන්න. මතක තියාගන්න. එහෙම නැතුව සේවා ස්ථානයේ ඉන්න කෙනාට ඕනි ඔයිල් එකක් දාන්න ඉඩ තියන්න එපා. ඔයිල් වර්ග පරීක්ෂාවට අමතරව බැටරියේ වතුර මට්ටමත් පරීක්ෂා කරගන්න ඕනි. එහෙම නැති උනොත් බැටරිය පාවිච්චි කරන්න වෙන්නෙ ටික කාලයයි. ඉක්මනට මාරු කරන්න වෙනව. රේඩියේටර් කූලන්ට් කියන්නෙත් ස්‍ර්විස් එකේදී අනිවාරෙන්ම චෙක් කර ගන්න ඕනි දෙයක්. පරණ වාහන වල රේඩියේටරයට වතුර දාලා පාවිච්චි කළත් අලුත් වාහන වල නම් කූලන්ට් විතරයි පාවිච්චි වෙන්නෙ. කූලන්ට් මට්ටම අඩු වෙලා ගියොත් නම් එන්ජිම වැඩිපුර රත් වෙලා බොයිල් වෙන්නත් පුලුවන්.

  1. ෆිල්ටර් පරික්ෂා කිරීම
  • එයාර් ෆිල්ටරය
  • කැබින් ෆිල්ටරය
  • ඔයිල් ෆිල්ටරය

එන්ජින් ඔයිල් මාරු කිරීම් වගේම වාහනයක තියෙන ෆිල්ටර් පරික්ෂාවත් අනිවාරෙන්ම කරන්න ඕනි.වාහන නිෂ්පාදකයා සදහන් කරල තියෙන විදිහට නියමිත දුර ප්‍රමාණයට අදාල ෆිල්ටරය මාරු කරේ නැත්නම් ඒව බ්ලොක් වෙලා වාහනයෙ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුලුවන්. ඒ වගේම තෙල් පිච්චෙන එකත් වැඩි වෙනව. 

  1. වාහනය ජැක් කර පරික්ෂා කළ යුතු දේවල්.
  • ඔයිල් කාන්දු පරික්ෂාව
  • ඇක්සල් බූට් කැඩී තිබේ දැයි පරික්ෂාව
  • ස්ටියරින් රැක් එකෙහි බූට් කැඩී හෝ ඉරී තිබේ දැයි පරික්ෂාව
  • ශොක්ඇබ්සෝබර් වලින් ඔයිල් කාන්දු තිබේ දැයි පරික්ෂාව
  • සස්පෙන්ෂන් බුෂ්කැඩී ඇත්දැයි පරික්ෂාව
  • වාහනයේ යටි කොටස පරීක්ෂාව

අපි වාහනයට දාන ඔයිල් වර්ග ලීක් නොවී පවත්වා ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍යයි.නැත්නම් අපි වාහනයට ඔයිල් කොච්චරක් දැම්මත් ඒවා ලීක් වෙලා අපතේ යනව. ඇත්තටම කිව්වොත් ඔයිල් කාන්දු වගේ දේවල් බලා ගන්න නම් වාහනය හෝදන්න කලින් පරික්ෂා කරන්න ඕනි. වාහනයේ තියෙන බූට් වර්ග කැඩිල ගිහින් තිබුණොත් එක්මනින් එවා හදාගන්න එක වටිනව. නැත්නම් බූට් ඇතුලෙ තියෙන ග්‍රීස් එලියට ඇවිත් ජොයින්ට් ඉක්මනට ගෙවිල යන්න පුලුවන්. ඒ වගේම වාහනය හේදීමෙන් අනතුරුව වාහන බොඩිය යටි පැත්ත හොදින් පරීක්ෂා කරගන්න පුලුවන්. ඒ නිසා වාහනය හොදින් සේදිලාද කියල බලන්න වගේම චැසියේ දිරුම් ඇත්නම් ඒවත් හොදින් පෙනෙනව.

  1. OBD (සෙන්සර්) පරීක්ෂාව
  • වාහනය ඇතුලත පරික්ෂාව
  • ස්කෑන් කිරීම
  • බෙල්ට් පරීක්ෂාව

වාහනය හොදට service කරල තියෙනව නම් අනිවාරෙන්ම වාහනය ඇතුලත හොදින් පිරිසිදුවට තියෙන්න ඕනි. ඩෑශ් බෝඩ්, සීට්, කාපට් වගේ දේවල් පිරිසිදු කිරීම මෙහිදී  සදහන් කරන්න පුලුවන්

සෙන්සර් තියෙන වාහනයක් නම්  service කරල අවසානයේ කරන්න ඕනි වැදගත් දෙයක් තමයි ස්කෑන් කිරීම. වාහනයෙ යම් කාර්මික දෝශයක් තියෙයි නම් ස්කෑන් කරල ඒක බලා ගන්න පුලුවන්. හදුනාගත්ත දෝශය නිරාකරණය කරල ඊට පස්සෙ නැවත ස්කෑන් කරාට පස්සෙ වාහනයෙන් එම දෝශය අයින් වෙලා යනව.

වාහනයක බෙල්ට් කීපයක්ම තියෙනව. මේ කියන බෙල්ට් වර්ග පාවිච්චි කරන්න පුලුවන් යම් කිසි  දුර ප්‍රමාණයක් විතරයි. එම දුර ප්‍රමාණය පාවිච්චි කරල බෙල්ට් එක අයින් කරන්න ඕනි. සාමන්‍යයෙන් වාහනයක බෙල්ට් එකක් කිලෝමීටර 50 000 ක් විතර පාවිච්චි කරන්න පුලුවන්.

 ඒ ඒ වාහනයට අදාළ කිලෝමීටර් ප්‍රමාණයෙන් නියමිත service එක සිදු කිරීමට වග බලාගන්න. කලින් සදහන් කරපු විදිහට අදාළ කොටස් පරීක්ෂා කිරීමෙන් වාහනයේ පැවත්ම බොහෝ කාලයක් රැක ගන්නට ඔයාට පුලුවන්. ඒවගේම වාහනය මග නවතින්නෙ නැතුව ඕනිම ගමනක් ගිහින් එන්න පුලුවන්.

වාහනයේ service records හරියටම ලකුණු කරගෙන ඒ records ටික පිළිවෙළකට තියාගන්නත් අමතක කරන්න එපා.

Read More

ටයර් මාරු කරන දවස දැනගන්නනෙ මෙහෙමයි

Post by: fixrichauto 2022-11-14 0 Comments

වාහනයේ ගමනක් යනකොට අපි අනිවරෙන්ම ගොඩක් හිතන දෙයක් තමයි ටයර් කියන්නෙ. හරි ප්‍රමිතියක් නැති ටයර් නිසා වගේම ටයර් වල නොයෙක් ප්‍රශ්න නිසා ගොඩක් අනතුරු සිදු වෙනව. මේ නිසා වාහන පදින ඔයාට ටයර් මාරු කරන දවස හරියටම දැනගන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියල මේ ලිපියෙන් දැනගනිමු.

ඇත්තටම වාහනයෙ ටයර් වලින් මොකද වෙන්නෙ. බැලූ බැල්මට කියන්න පුලුවන්නෙ ටයර් වලින් තමයි වාහනය ගමන් කරන්නෙ කියල. අපේ වාහනයෙ එන්ජිමෙන් නිෂ්පාදනය කරන ශක්තිය ටයර් වලින් තමයි පොලවට සම්බන්ධ වෙන්නෙ. අපි පැදගෙන යන වාහනයෙ උපරිම කාර්‍යක්ෂමතාව ලබා දෙන්නෙත් ටයර් වලින්. මේ නිසා හරිම වෙලාවට වාහනේ ටයර් මාරු කරන එක වැදගත් වෙනව. වාහනයෙ ටයර් ගෙවිල තිබුනොත් අපිට සිද්දවෙනව එක පාඩුවක් තමයි වැඩිපුර තෙල් පිච්චෙන එක. ඔයා පාවිච්චි කරන්නෙ පෙට්‍රල්  හරි ඩීසල් හරි වාහනයක් වෙන්න පුලුවන්. මේ නිසා ඔයාට ඉන්ධන වලට වැඩිපුර සල්ලි වියදම් කරන්න වෙනව. දැනට රටේ තියෙන තෙල් ප්‍රශ්න එක්ක නම් ලොකුම ගැටලුවකට මුහුණ දෙන්න වෙනව. ඒ වගේම අපේ වාහනයෙ ටයර් ගෙවිල තිබුනොත් වාහනය හරියට control කරගන්නත් බැරිවෙනව. ඒ නිසා වාහන අනතුරු වලටත් හේතුවක් විදිහට පරණ ටයර් එහෙමත් නැතිනම් ගෙවිල තියෙන ටයර් හේතුවක් වෙනව.

අපි පාවිච්චි කරන කාර්, වෑන්, ජීප් වගේ වාහන වලින් බලාපොරොත්තු වෙන දෙයක් තමයි සැපපහසුව(comfortable) කියන්නෙ. මෙහෙම ගෙවිල ගිය ටයර් නිසා වාහනයෙ සැප අඩුවෙලා වාහනයෙ සමහර කොටස් වලටත් හානි සිද්ධ වෙනව. මෙතනදි සිද්ධවෙන තවත් භයානකම දේ තමයි අපේ වාහනයෙ ටයර් ගෙවිල නම් හරියට බ්‍රේක් ගහන්නවත් බැරි වෙනව. කාපට් කරපු පාරක වේගයෙන් යනව කියල හිතමු. හදිස්සියෙ නවත්වන්න ඕනි නිසා බ්‍රේක් කලත් වාහනය නවතින්නෙ නෑ ලිස්සගෙන යනව. ඒ මොකද කිව්වොත් වාහනයෙ ටයර් වල කට්ට ගෙවිල නිසා පාරට බදා ගැනීමක් නොවෙන නිසයි. වේගයෙන් වංගුවක යනකොටත් එහෙමම සිද්ධ වෙන්න පුලුවන්. එතකොට බොහෝ දුරට වාහනය ලිස්සගෙන ගිහින් වංගුවෙන් එලියට යයි. ලංකාව කියන්නෙ විවිධ වර්ග වල දේශගුණ තියෙන රටක්. ඒ නිසා අව්ව වැස්ස වගේ ඕනිම කාලගුණයකට අපිට වාහනයෙ යනකොට මුහුණ දෙන්න වෙනව. ඉතිං ඒ වගේ ඕනිම කාලගුණයකට මුහුණ දෙන්න නම් අපේ වාහනයෙ ටයර් හොද තත්වයේ තියෙන්න ඕනි.

සමහර කෙනෙකුට හිතෙන්න පුලුවන් මගෙ වාහනයෙ ඩිස්ක් බ්‍රේක් තියෙනව, මගෙ වාහනයෙ ABS තියෙනව, sensor තියෙනව කියල වගේ දේවල්. ඇත්තටම මේක හොදින් මතක තියාගන්න ඔයාගෙ වාහනයෙ කොච්චරක් security එක තිබුනත් ගෙවිල තියෙන ටයර් පාවිච්චි කරනවනම් ඒවයෙ වටිනාකමක් නැති වෙනව. ඒක නිසා ගොඩක් වේගයෙන් වාහනය යන වෙලාවක නම් ඔයාට වාහනය පාලනය කරගන්න බැරි වෙනව.මේ මේ නිසා ලොකු අනතුරක් වුනත් වෙන්න පුලුවන්.

ටයර් එකක් ගෙවිලද කියල අපිට ලේසියෙන්ම බලාගන්න පුලුවන්.මෙහෙමයි. ටයර් එකේ කට්ට දිහා හොදට බැලුවට පස්සෙ අපිට දැනගන්න පුලුවන් ඒකෙ කොච්චර උසකට කට්ට තියෙනවද කියල. ප්‍රමාණයක් විදිහට කිව්වොත් මිලිමීටර 03කට වඩා අඩුවෙන් උසට කට්ට තියෙන ටයර් එකක් නම් ඒ ටයර් එක ගෙවිල අනිවාරෙන්ම මාරු කරන්න ඕනි. සමහර ටයර් වලට හුලං වැඩිපුර ගහල තිබුණොත් ඒ ටයර් එකේ මැද කොටස වැඩිපුර ගෙවෙනව. ඒ වගේම ටයර් එකකට අඩුවෙන් හුලං ගහල තියෙනව නම් ඉක්මනට ටයර් එකේ දෙපැත්තෙන් ගෙවෙනව. හුලං අඩුවෙන් තියෙනවනම් වාහනයෙ ටයර් වැඩිපුර පොළවට බදනව. ඒ නිසා තෙල් පිච්චෙන එකත් වැඩි වෙනව. හුලං මට්ටම හරි ගානට තියාගන්නකොට හොද සැප පහසුවට ගමන යන්නත් පුලුවන්. ටයර් එක හදන නිෂ්පාදකය ඒ ටයර් එකට ලබාදෙන්න ඕනි නියමිත හුලං ප්‍රමාණය සදහන් කරනව. සමහර වෙලාවට හුලං ප්‍රමාණය ඉක්මවල ගිහින් ටයර් එක පුපුරන්නත් පුලුවන්. මේ නිසා ටයර් එක ගෙවිලද කියල දැනුවත් වෙන එක වගේම ටයර් වල හුලං මට්ටම ගැනත් අවධානයෙන් ඉන්න ඕනි.

ටයර් ගෙවිල තියෙන විදිහ බලල වාහනයෙ තියෙන දෝශයන් පවා දැන ගන්න පුලුවන්. ඔයා හරියටම ටයර් එකේ කට්ට දිහා බැලුවොත් පෙනේවි සමහර වෙලාවට ටයර් එක තැනින් තැන ගෙවිල තියෙන්නෙ. ඒ වෙලාව ඇති වෙන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි බ්‍රේක් වල ප්‍රශ්න ඇතිවීම. බ්‍රේක් හිරවීම වගේ දේවල් වෙන්න පුලුවන්. තවත් ප්‍රශ්නයක් තමයි රෝද වල ඇණ බුරුල් වෙලා තියෙනව වෙන්නත් පුලුවන්. වාහනයේ wheel alignment එක කියන දේ හරියටම නැත්නම් ඒත් ටයර් එක හරි ආකාරව ගෙවිල නැතිවෙන්න පුලුවන්.

වාහනයක් නඩත්තු කරනකොට ටයර් වල ආරක්ෂාව වෙනුවෙන් සහ පැවැත්ම දිගු කාලයක් තියාගන්න දේවල් කීපයක් කරන්න තියෙනව. රෝද වල wheel alignment හරියටම නැත්නම් ටයර් ගෙවීම ඉක්මනට සිද්ද වෙනව. ඒ නිසා කිලෝමීටර් 5000කට වරක් වත් ඔයාගෙ වාහනයෙ wheel alignment චෙක් කරල ටයර් වල ආයු කාලය වැඩි කරගන්න පුලුවන්. සමහර අය නොදැනුවත්කමින් වාහනය ක්ෂණිකව ඇක්සලරේට් කරනව. ඒ අවස්තා වලදීත් වාහනයෙ රෝද ඉකමනට ගෙවිල යනව. වේගයෙන් යන වාහනය එකපාරටම නවත්වන්න උත්සහ කරන නිසාත් ටයර් ඉක්මනට ගෙවෙන්නට පුලුවන්. වාහනයෙ suspension වල තියෙන ප්‍රශ්න වලටත් ටයර් ඉක්මනට ගෙවෙන්න පුලුවන්. කාලගුණ තත්වය වෙනස් වෙන නිසාත් ටයර් ඉක්මනට ගෙවෙනව. එතකොට වියළී කාලගුණයක් තියෙන පාරවල යනකොට ටයර් ගෙවීම වැඩි වෙනව. සාපේක්ෂව සීතල පරිසරයේ ටයර් ගෙවීම අඩුයි.

ටයර් මිලට ගන්නකොටත් හොද තත්ව සහතික තියෙන පිළිගත් ආයතනයක ටයරයක්ම අරගන්න. ඒ වගේම ටයරයේ නිෂ්පාදිත දිනය ගැනත් වැඩි අවධානයක් දෙන්න.ලංකාවෙත් ටයර් නිෂ්පාදනය කරන ආයතන කීපයක් තියෙනව. මේ ආයතන වලින් ලංකාවෙ ටයර් අවශ්‍යතාව සම්පූර්ණ කරනව වගේම පිටරට වලටත් අපනයනය කරනව. දැනට ගෙවුණ ටයර් වාහනයට දාල පාවිච්චි කරන එක නීතිමය විදිහට වැරැද්දක්. ඒ නිසා මෙහෙම ගෙවිල තියෙන ටයර් වාහනයට දාල යනකොට පොලීසියෙන් දඩයක් ගහන්න වුනත් පුලුවන්.

කොහොම උනත් හැම කෙනෙක්ගේ ම ආරක්ශාව වෙනුවෙන් හොද තත්වයේ ටයර් ම පාවිච්චි කරමු. පරිස්සමෙන් වාහන පදිමු.

Read More

බාල ඩීසල් හදුනා ගන්නේ කෙසේද?

Post by: fixrichauto 2022-11-07 0 Comments

මේ වෙලාවේ වාහන තෙයෙන ඔබටත් මටත් තියෙන ලොකුම ගැටලුව තමයි තෙල් ප්‍රශ්නය. තෙල් ප්‍රශ්නෙට විසදුමක් විදියට ගොඩක් අය විවිද දේවල් වලට දැන් යොමුවෙනව.(තෙල් ප්‍රශ්නෙට විසදුමක් හැටියට තෙල් පෝලිම්වල ඉන්න අය දැන් වැඩි මිලටහරි කලු කඩ වලින් තෙල් ගහන්න හොයනව). ඒත් අපිට තියෙන ප්‍රශ්නය තමයි, මේවට මොනවහරි කලවම් කරලද කියල හොයන එක. ඉතිං අද අපි ඔයලට මේ වැදගත් ලිපියෙන් කියන්න හදන්නෙ කොහොමද කලවම් කරපු ඩීසල් සරල ක්‍රමයකින් හොයාගන්නෙ කියල වගේම ඩීසල් වල තත්වය බාල කරන්න මොනවද එකතු කරන්නෙ කියල. වහනයක් පදින කෙනෙක් නම් මේ දවස් වල බාල ඩීසල් නිසා අනිවාරෙන්ම ප්‍රශ්න වලට මුහුන දීල ඇති. ඒ නිසාමයි අද අපි ඔයාලට මේ ලිපිය ලියන්නට යොමු උනේ. ඔයා ආදරයෙන් පරිස්සම් කර ගන්න ඔයගෙ වාහනය ගොඩක් කල් රැකගන්නට මේ තුලින් ලොකු බලපෑමක් ලැබේවි.

කූට වෙළදුන් හරහා මේ වෙනකොට තෙල් මෆියවක් සිදුවෙනව. ඒ නිසා වාහන තියෙන අය ගොඩක් මේ කූට වෙළදුන්ට රැවටිලා අමරුවෙ වැටෙනව. ඔයා බුද්ධිමත් පාරිභෝගිකයෙක් හැටියට වැඩ කරන්න ඕනි කොහොමද කියල අපි බලමු.

ඔයා තෙල් ගහන්න යනකොට අනිවාරෙන්ම රජයේ ලියපදිංචි කරපු සෙඩ් එකකටම යන්න. ඒත් අද වෙද්දි සෙඩ් එකෙන් ගහන ඩීසල් වලත් ගැටලු තියෙනව. අතරමැදි වෙළෙන්දෙකුගෙන් ඔයා ඩීසල් ගන්නවනම් ඒ ඩීසල් 99%ක්ම තත්වය බාල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ ඇයි කිව්වොත් එයාල හරියට තෙල් ටික ගබඩා කරල තියන්නෙවත් නෑ. තවත් කිව්වොත් සෙඩ් එකෙන් තෙල් අරගෙන දාල තියෙන බූලි වලට වතුර එකතුවෙන්න පුලුවන්. ඒ බැරල් වල රොඩු, දූවිලි තිබිල ඒවත් ඩීසල් එක්කම කලවම් වෙන්න පුලුවන්. තෙල් බූලිය හරියට වහල කරල තිබ්බෙ නැත්නම් තෙල් වල තියෙන වාශ්පශීලී දේවල් අයින්වෙලා යන්නත් පුලුවන්. ඉතිං මේ දේවල් සිද්දවෙන්නෙ එයාලගෙ අතින් හිතාමතාම නොවෙන්නත් පුලුවන්. එතනින් එහාට ගියාම ඩීසල් ජාවාරම් කාරයො වැඩිපුර ලාබ ගන්න කියල ගොඩක් දේවල් කලවම් කරනව. අපි ඉස්සරහට කතා කරගෙන යමු ඒ මොනවද කියල.

සුවදෙ වෙනසක් සිද්ද වෙනව. එහෙම භූමිතෙල් එකතු කරපු ඩීසල් වල අනිවාරෙන්ම භූමිතෙල් සුවදක් එනව. මෙතනදී ඔබ දක්ෂ වෙන්න ඕනි මේ භූමිතෙල් සුවද හොයාගන්න.

ඩීසල් වලට භූමිතෙල් කලවම් කරලද කියල බලාගන්න පුලුවන් අනිත් ක්‍රමය තමයි මතුපිට පාට බලන ක්‍රමය. සාමන්‍ය ඩීසල් වල තියෙන ලා-දුබුරු පාට එක්ක භූමිතෙල් වල තියෙන රතු-රෝස පාට කලවම් උනාට පස්සෙ ටිකක් තද පාට පාටක් තමයි ඇතිවෙන්නෙ. ඔබ නිතරම ඩීසල් එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔයාට පුලුවන් මේ වර්න ව්පර්‍යාස වෙනස ගොඩක් ලේසියෙන්ම බලාගන්න. ඒකට කරන්න ඕනි වෙන්නෙ විනිවිද පෙනෙන භාජනයකට ඩීසල් සාම්පලය දාලා හොදින් පාට ගැන අවදානය යොමු කරීමයි.

මාෆියකරයන්ගෙ ඩීසල් ජාවාරමේදි ඩීසල් ඒක්ක කලවම් කරන තවත් දෙයක් තියෙනව. ඒ වෙන මොකුත් දෙයක් නෙවෙයි පේන්ටින් වැඩ වලට ගන්න තිනර්. හාඩ්වෙයාර් කඩ වලින් ලේසියෙන්ම ගන්න පුලුවන් දෙයක් තමයි තිනර් කියන්නෙ. ඉතිං මේ තිනර් ලේසියෙන් ම මිලදී ගන්නත් පුලුවන් හොද වාශ්පශීලී දේකුත් නිසා ඩීසල් බාල කරන්න කූට වෙලෙන්දො යොදා ගන්නව. එහෙමනම් අපිට ගොඩක් වටිනව නේද මේ ආකරයට තිනර් කලවම් කරපු ඩීසල් හොයාගන්න එක. මීලගට අපි කතා කරමු ඒ ගැන.    

මේ තිනර් පරීක්ෂාව ඔබට ක්‍රම කීපයකට කර ගන්න පුලුවන්. තිනර් වල සුවද ඔබ හොදින් දන්නව ඇති කියල මම හිතනව. ඉතිං ඩීසල් එක්ක තිනර් එකතු කලත් තිනර් සුවද දැනෙනව ඩීසල් වලින්. මොකද කියනව නම් මෙය පහසුවෙන්ම බලාගන්න පුලුවන් තිනර් වල අඩික වාෂ්පශීලී බව නිසාම. සමහර වෙලවට අපිට ඩීසල් සමග තිනර් සහ එන්ජින් ඔයිල් කලවම් කරපු අවස්තාත් හමුවෙලා තියෙනව. ඒත් කලින් කියපු විදිහට හොදට සුවද බැලුවම පස්සෙ අපිට තිනර් කලවම් කරපු ඩීසල් ලේසියෙන්ම හොයගන්න පුලුවන්.

මොන විදියකින් හරි තත්වය බාල කරපු ඩීසල්, ජාවරම් කාරයන්ගෙ ඩීසල් මිලට ගන්නට නම් යන්න එපා.මොකද ඔයා හොදටම දන්නව මෙහෙම බාල කරපු ඩීසල් දැම්මොත් වහනයට මොකද වෙන්නෙ කියල. අනිත් අතට ඔයත් කිසිම වෙලවක තත්වය බාල කරපු ඩීසල් නම් තව කෙකෙක්ට දෙන්න එපා. අපි අපේ වාහනයට ආදරය කරන තරමටම අනිත් කෙනත් එයාගෙ වහනයට ආදරය කරනව. ඔබේ වාහනය හොදට ක්‍රියාකාරී තත්වයෙන් පවත්වා ගන්න ඕනි නම් කලින් සදහන් කල දේවල් සමග කලවම් කල උසස් තත්වයේ ඩීසල් ම ඔබේ වහනයට දාන්න.

හොදයි එහෙම නම් මේ කියපු කරුනු හොදින් මතක තියාගෙන ඉන්න අතරම අප්ගේ මීලග ලිපිය සමග එකතු වෙමු.මීලග ලිපියෙන් අපි දැන ගනිමු ප්‍රමිතියෙන් තොර බාල පෙට්‍රල් හදුනා ගන්නටත් එවයෙන් ඔබට සිදුවෙන හානිය ගැනත්.      

Read More
  • Prev
  • 1
  • 2

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry
  • Sri Lanka’S Top 10 Most Popular Vehicles

Recent Comments

No comments to show.

Categories

  • English (10)
  • Uncategorized (1)
  • සිංහල (7)

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry

©2026 WordPress Theme SW Autusin. All Rights Reserved. Designed by WPThemeGo.Com.

Archives

  • November 2024
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022

Categories

  • English
  • Uncategorized
  • සිංහල
X
  • Menu
  • Categories
  • Home
  • Products
  • Blog
  • Services
  • About
  • Contact