Search
Fix Rich Auto PVT LTD
  • Home
  • Products
  • Blog
  • Services
  • About
  • Contact
  • Home
  • සිංහල
  • Bio Diesel හදන්නෙ කොහොමද?

Categories

  • English (10)
  • Uncategorized (1)
  • සිංහල (7)

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry

Bio Diesel හදන්නෙ කොහොමද?

Post by: fixrichauto 2022-11-28
0 Comments

මේ දවස් වල ගොඩක්ම කතා බහට ලක්වෙන දෙයක් තමයි Bio Diesel කියන්නෙ. ඒ වගේම සමහර අය මේ වෙනකොට Bio Diesel හදල වාහන පදින්න උත්සහ කරනව. එහෙනම් අද අපි මේ ලිපියෙන් කතා කරමු Bio Diesel හදන හැටි වගේම ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද කියල. ඉතිං එතකොට ඔයාට පුලුවන් හරි දැනුමක් අරගෙන මේ කියන Bio Diesel පාවිච්චි කරන්න.

අපි පාවිච්චි කරන සාමාන්‍ය ඩීසල් වලට කියන්නෙ පෙට්‍රෝලියම් ඩීසල් කියල. මේ වෙනකොට අපි දන්නව ලංකාවෙ ලොකුම ලොකු තෙල් ප්‍රශ්නයක් තියෙනව. මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක ගොඩක් අය යොමුවුන දෙයක් තමයි Bio Diesel. නමුත් ලෝකයේම ගත්තහම තාමත් ජනප්‍රිය තෙල් වර්ගය වෙන්නෙ පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල්. ඒ මොකද කිව්වොත් හරිම ලේසියෙන් අපිට මේව මිලදී ගන්න පුලුවන්. ඕනි තරම් ගන්න තියෙනව. ඒ වගේම මිලත් අඩුයි. මම මේ කියන්නෙ තෙල් පෝලිම් එන්න කලින් කාලෙ ගැන.ලෝකයේ බොරතෙල් හදල විකුණන රටවල් කීපයයි තියෙන්නෙ. ඒ නිසා ලංකාව වගේ රටවලට සිද්දවෙනව තෙල් විකුණන රටවල් මත යැපිල තෙල් මිලට ගන්න. පරීක්ෂණ කරන අය හොයාගෙන තියෙන විදහට නම් දැනට හොයාගෙන තියෙන තෙල් නිධි වලින් තෙල් අරගන්න පුලුවන් තවත් අවුරුදු 50ක වගේ කාලයක් විතරයි. ඒ කියන්නෙ බොරතෙල් එහෙම නැත්නම් පොසිල ඉන්ධන පුනර්ජනනය වෙන්නෙ නැහැ. දැනට ස්වභාවිකව පිහිටල තියෙන තෙල් නිධි ටික ඉවර උනහම පෙට්‍රල්,ඩීසල්,භූමිතෙල් කියන මේ තෙල් වර්ග ලෝකයෙන් නැත්තටම නැතිවෙලා යනව.

Bio Diesel කියන්නෙ ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි මේ සොයාගැනීම දැනට අවුරුදු 100කටත් වඩා පරණයි. අද වෙනකොට ගොඩක් පරීක්ෂණ කරල ලෝකයේ කාර්මිකව පාවිච්චි කරන දෙයක් තමයි මේ Bio Diesel. Bio Diesel වල තියෙන වැදගත්ම දේ තමයි අපිට මේක සාමාන්‍ය ඩීසල් එන්ජිමට පාවිච්චි කරන්න පුලුවන්. (ඒ කොහොමද කියල අපි මේ ලිපියෙ අවසාන කොටසින් කතා කරමු) ඒ වගේම Bio Diesel හදන ක්‍රමය එතරම් සංකීර්ණ නෑ. ගෙදර-දොර පාවිච්චි කරල අයින් කරන තෙල් උනත් මේකට යොදා ගන්න පුලුවන්. නමුත් මේ Bio Diesel නිෂ්පාදනයට ශාක තෙල් යොදාගන්න නිසා කෘෂිකර්මාන්තයට සහ ආහර ක්ෂේත්‍ර වලට බලපෑම් වෙලා තියෙනව.

හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේ කියන විදිහට Bio Diesel හදන්නෙ කියල. Bio Diesel හදන්න මුලින්ම අපිට ඕනිවෙනව මොකක් හරි තෙල් වර්ගයක්. ඒ කියන්නෙ මොනම වර්ගයක ශාක තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්. නැතිනම් අපේ ගෙවල් වලින් නිතරම අයින් කරන දෙයක් තමයි, බැදල අයින් කරන තෙල්. මේ විදිහට බැදල අයින් කරන පොල්තෙල් වලිනුත් අපිට Bio Diesel හදාගන්න පුලුවන්. බැදල අයින් කරපු තෙල් ගන්නවනම් මුලින්ම ඒ ටික හොදට පෙරා ගන්න ඕනි. මොකද නැත්නම් මේ වගේ ආහාර කොටස් තැන්පත් වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා පෙරහන් කඩදාසි වගේ දේකින් බැදපු තෙල් ටික පෙරා ගන්න. ඒ වගේම Bio Diesel හදන්න ඕනිකරන අනිත් දේ තමයි කෝස්ටික් සෝඩා. මේ කෝස්ටික් සෝඩා වගේ දේවල් එක්ක වැඩ කරන කොට ප්‍රවේසම් වෙන්න ඕනි ගොඩක්. නැත්නම් මේ රසායනික ද්‍රව්‍ය අපේ ඇගේ ගෑවිලා අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේකට ඕනිකරන අනිත් දේ තමයි මෙතනෝල්. මෙතනෝල් කියනදේ ඔබ මීට කලින් අහල ඇතිනෙ.  Bio Diesel හදන්න ගන්න ඕනිකරන දේවල් ගන්න ප්‍රමානයක් තියෙනව. ඒ අවශ්‍ය අනුපාතයට පාවිච්චි කළේ නැත්නම් මේ ප්‍රතික්‍රියාව වරදින්න පුලුවන්. අපි දැන් හරි ප්‍රමාණයට ගත්ත මෙතනෝල් වලට කෝස්ටික් ටික දාලා කලවම් කරන්න කර ගන්න ඕනි. මේ වර්ග 02 හරියට කලවම් වෙන්න නම් මේ භාජනය රත් කරන ගමන් කලවම් කරන්න ඕනි. නියමිත ගානට කලවම් කරල ඉවර වෙලා මුලින්ම පෙරල තියාගත්ත පොල්තෙල් ටික අවසානෙට එකතු කරන්න ඕනි. තවත් හොදට මේ ඔක්කොම ටික කලවම් කරගෙන තියාගත්තට පස්සෙ අපිට දකින්න ලැබෙනව Bio Diesel හැදිල තියෙනව.

ප්‍රතික්‍රියාව සිද්දවෙලා අවසානෙට Bio Diesel වලට අමතරව හැදෙන තව දෙයක් තියෙනව. මේකට කියන්නෙ ග්ලිසරෝල් කියල. මේ ග්ලිසරෝල් ලේසියෙන්ම අයින්කරගන්න පුලුවන්. මොකද ඒක Bio Diesel වලට යටින් අඩියෙ තැන්පත් වෙලා තියෙන්නෙ නිසා. එහෙම නම් අන්තිම පියවර විදිහට ඔබට බලාගන්න පුලුවන් Bio Diesel හැදිල තියෙනව.

මේ විදිහට හදාගන්න  Bio Diesel පාවිච්චි කරන්න ගන්න නම් ඒවා පෙට්‍රෝලියම් ඩීසල් එක්ක කලවම් කරන්න ඕනි. එහෙම පෙට්‍රෝලියම් ඩීසල් වලට කලවම් නොකරපු 100%ක් ම Bio Diesel පමණක් නම් එම Bio Diesal , B100 කියල සංකේතවත් කරනව. Bio Diesal 20% ක් එක්ක පෙට්‍රෝලියම් ඩීසල් 80% ක් කළවම් කරල තියෙනව නම් ඒ Bio Diesel , B20 කියල සංකේතවත් කරනව. දැනට අපිට තියෙන ඩීසල් ප්‍රශ්නෙට විසදුමක් විදිහට Bio Diesel හැදුවත් ඒක පාවිච්චි කරන එක නම් භයානකයි. ලොකුම ප්‍රශ්නෙ තමයි අපි රසායනික ප්‍රතික්‍රියා කරල හදාගත්ත Bio Diesel වල ප්‍රමිතිය ගැන කොහොමද විශ්වාස කරන්නෙ. ඒ ලැබෙන Bio Diesel හරිම Bio Diesel ද කියල දන්නෙ නැතුව කොහොමද අපි පාවිච්චි කරන්නෙ. ඒ වගේම අපිට Bio Diesel හදල කාටවත් විකුණන්න බෑ. විකුණනව නම් නීතියෙන් අවසරයක් ගන්න ඕනි.

පෙට්‍රෝලියම් ඩීසල් එක්ක Bio Diesel සසදනකොට දේවල් කීපයක් කියන්න පුලුවන්. Bio Diesel වලින් ලැබෙන ශක්තිය පෙට්‍රෝලියම් ඩීසල් වලින් ලැබෙන ශක්තියට වඩා 10%කින් විතර අඩුයි. ඒ නිසා නිෂ්පාදනය වන ශක්තිය සුලු ප්‍රමාණයක් අඩු නිසා Bio Diesel වල වැය වීමත් සුලු ප්‍රමාණයක් වැඩියි. දැන් වෙනකොට Bio Diesel නිෂ්පාදනයට මතුවෙලා තියෙන ගැටලු ගොඩක් අඩු කරගෙනයි තියෙන්නේ. ඒ නිසා වැඩි ඵලදායීතාවකින් සහ උපරිම කාර්‍යක්ෂමතාවකින් බලශක්ති අවශ්‍යතාවට ලබාදෙන්නට මේ කියන Bio Diesel වලට පුලුවන් වෙලා තියෙනව. අමුද්‍රව්‍ය විදිහට ශාක තෙල් යොදා ගන්න නිසාත් ආහාර ප්‍රශ්නයක් ඇති නොවෙන විදිහට විලෝපීය ශාක වගේ දේවලුත් මේ වෙනකොට යොදාගෙන තිබෙනව.

බොහෝ තරුණ පිරිස් දැන් වෙනකොට Bio Diesel හදන්න අත්හදා බැලීම් එහෙමත් නැත්නම් ඒ වෙනුවෙන් පරීක්ෂණ කරනව. සමහරු හරි දැනුමක් නැතුවත් මේ දේවල් කරනව. ඒ නිසා මේක බොහොම භයානක සහ අනතුරුදායක වෙන්න පුලුවන්. ඉතිං ඔබ Bio Diesel හදන්න යොමුවෙනව නම් ඒකට නිසි ආයතනයකින් දැනුම ලබා ගන්න. නොදැනුවත්කමින්  Bio Diesel හදල වාහනයට දාල නිකම් අමාරුවෙ වැටෙන්න එපා. ඒ වගේම අපේ මීලග ලිපියෙන් අපි කතා කරමු  Bio Diesel වාහනයට දැම්මම මොකද වෙන්නෙ කියල.

Leave a comment
Cancel reply

Make sure you enter the(*) required information where indicated. HTML code is not allowed

Related News

ක්ලච් එක හරියට පාගන්න මේ දේවල් දැනගන්න

0 Comments
Read More

වීල් එලයිමන්ට් එක මේ තරම් වැදගත්ද?

0 Comments
Read More

බාල පෙට්‍රල් හදුනා ගන්නෙ කෙසේද?

0 Comments
Read More

බාල ඩීසල් හදුනා ගන්නේ කෙසේද?

0 Comments
Read More

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry
  • Sri Lanka’S Top 10 Most Popular Vehicles

Recent Comments

No comments to show.

Categories

  • English (10)
  • Uncategorized (1)
  • සිංහල (7)

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry

©2026 WordPress Theme SW Autusin. All Rights Reserved. Designed by WPThemeGo.Com.

Archives

  • November 2024
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022

Categories

  • English
  • Uncategorized
  • සිංහල
X
  • Menu
  • Categories
  • Home
  • Products
  • Blog
  • Services
  • About
  • Contact