ඔයා ක්ලච් එක පාගනකොට හිතල තියෙනවද ඔයාගේ වාහනයේ ඇතුලේ මොකක්ද වෙන්නේ කියල ? එහෙමත් නැතිනම් ඔයා හිතල තියෙනවද ඇයි ක්ලච් එක පාගන්න ඕන හැමතිස්සෙම ගියර් එක දාන්න කලින් කියල? ඉතිං ඒනිසාම විශේෂයෙන්ම යුරෝපියන් වාහනයක් පාවිච්චි කරන ඔයාට ක්ලච් එක දැන ගන්න ඕනි දේවල් මොනවද කියල අද අපි මේ ලිපියෙන් කතා කරන්න සූදානම්.
ඔයා දැනටමත් දන්නවා ඇති පිස්ටන් ඉහල පහල යනකොට ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කැරකෙනව කියල. එතකොට ඔන්න ඔය කැරකෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක තමයි රෝද වලට සම්බන්ධ වෙන්නේ. හැබැයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එක රෝද වලට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. එකට හේතුව තමයි අභ්‍යන්තර දහන එන්ජිමකින් ඉතා ලොකු බලයක් සහිතව යමක් කරකවන්න බැයි වීමයි ඒ නිසා තමයි ගියර් පද්ධතියක් එකතු කරල තියෙන්නේ.
සාමාන්‍යයෙන් ගියර් තියෙන බයිසිකලයක ගියර්වීල් එක අරයෙන් අඩු වීල් එකකට දානකොට අඩු බලයක් දීල වැඩි රවුම් ප්‍රමාණයක් කරකවන්න ඕන. හැබැයි ඒ ටිකම කරන්න පුළුවන් ඒ කිව්ව ගියර් වීල් එකට වඩා ලොකු අරයක් තියෙන ගියර් වීල් එකකට දාලාත්.ඒත් ඔයාට මෙහිදී වැඩි බලයක් දෙන්න වෙනවා. නමුත් අඩු රවුම් ප්‍රමාණයක් තමයි කරකවන්න ඕන. ඔන්න ඔය දේම තමයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එකටත් වෙන්නෙත්. ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට කරකවන්න පුළුවන් උපරිම බලයක් තියෙනවා. ඊට වඩා කරකවන්න එකට බැහැ. ඉතින් ගියර් පද්ධතියෙන් කරන්නේ ඒ වෙලාවට අරය අඩු ගියර් වීල් එකක් රෝද සහ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක අතරට දාල අඩු බලයකින් වැඩි රවුම් ප්‍රමාණයක් කරකවන්න සැලැස්වීමයි කන්දක් අදිනකොට වෙන්නේ ඔහොමයි. ඒ නිසා තමයි අපි කන්දක් අදිනකොට ෆස්ට් එකට හරි සෙකන්ඩ් එකට හරි මාරු කරන්නේ. තැනිතලාවක උපරිම වේගයකින් යන්න ඕන වෙනකොට උඩ ගියර් වලට යන්නේ. එතකොට මේ first හරි second හරි ගියර් වල ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි රෝදයි අතර තියෙන ගියර් වීල් එක තර්ඩ් ෆෝර්ත් එහෙමත් නැතිනම් ඊටත් වඩා උඩ ගියර් වල වීල් එකකට වඩා අරයෙන් අඩුයි.
ගියර් මාරු කරනකොට ක්ලච් එක පාගන්නේ ඇයි?
අපිට ගියර් එක මාරු කරද්දී තමයි ක්ලච් එක ඕන වෙන්නේ. ක්ලච් එකෙන් කරන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් ගියර් වීල් වලට එන බලය නැවැත්වීමයි.එහෙම නවත්තන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි ගියර් පද්ධතියයි අතර සම්බන්ධය නැති කරලා. එහෙම ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ බලය ගියර් වීල් වලට එන එක නැවැත්තුවහම තමයි ගියර් වීල් එක මාරු කරන්න පුළුවන් වෙන්නෙ, එහෙම නැති උනොත් මාරු කරන්න කලින් තියෙන ගියර් වීල් එක ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් කරකවන නිසා අපි මාරු කරන්න හදද්දී වීල් එකේ දැති කැඩෙන්නත් පුළුවන්.
අපි දැන් බලමු කොහොමද ක්ලච් එකෙන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි ගියර් පද්ධතියයි අතර තියෙන සම්බන්ධය නැති කරන්නේ කියල. ගියර් බොක්ස් එකේ දැති රෝද ටික හදල තියෙන්නේ ඒ හැම දැති රෝදයක්ම එකතැන කරකැවෙන විදියටයි. ඔය දැතිරෝද හරහා යන ෂාෆ්ට් එක තමයි මේන් ෂාෆ්ට් එක කියන්නේ. ඒක තමයි කෙලින්ම රෝද වලට සම්බන්ධ වෙන්නේ.
මෙහිදී ඔබ දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔය අපි කියපු මේන් ෂාෆ්ට් එකට කෙලින්ම හයිවෙලා නැතිවයි තියෙන්නේ. ඒ කියන්නේ මේන් ෂාෆ්ට් එක වටා එකතැන කරකැවෙන්න තමයි හදලා තියෙන්නේ. මේන් ෂාෆ්ට් එකයි දැති රෝදයකුයි එකට හයිවෙලා කරකැවෙන්න නම් මේන් ෂාෆ්ට් එකේ ඔය කියපු හැම දැති රෝදයකටම කලින් තියෙන මේන් ෂාෆ්ට් එකට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන දැති රෝදයකුයි එකට සම්බන්ධ වෙන්න ඕන. ඔන්න ඔය කිව්වා ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙයි මේන් ෂාෆ්ට් එකෙයි සම්බන්ධය නැති කරන්න තමයි ක්ලච් එක තියෙන්නේ.
එන්ජිමේ ෆ්ලයි වීල් එක ( එන්ජිමේ ක්‍රෑන්ක් ශාෆ්ට් එකට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන දතිරෝදය) සහ ගියර් බොක්ස් ඉන්පුට් ශාෆ්ට් එකයි අතර තියෙන ඩිස්ක් එක. ඔන්න ඕකට තමයි ක්ලච් ඩිස්ක් එක කියන්නේ. ඔන්න ඔය ඩිස්ක් එක ඉහත කිව්ව ෆ්ලයි වීල් එකේ මුහුණතට තද කලාම ඩිස්ක් එක ගොරෝසු නිසා ෆ්ලයි වීල් එකත් එක්කම ඩිස්ක් එක කරකැවෙනවා. ඩිස්ක් එකට සම්බන්ධ කරලා තියෙනවා මේන් ෂාෆ්ට් එක.
එතකොට දැන් ඔබට තේරෙන්න ඕන ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි මේන් ශාෆ්ට් එකයි අතර තියෙන සම්බන්ධය ඇති නැති කරන්නේ ඔන්න ඔය ගොරෝසු ඩිස්ක් එක ෆ්ලයි වීල් එකට තද කිරීමෙන් සහ ඈත් කිරීමෙන් කියලා.
ඒ වගේම ඔබට තේරෙනවා ඇති අපි ක්ලච් එක පාගනකොට ඔන්න ඔය කිව්ව ගොරෝසු ඩිස්ක් එක ෆ්ලයි වීල් එකෙන් ඈත් වෙන්න ඕන කියලා. ඒ වගේම අපි ක්ලච් එක අත අරිනකොට ඔය කිව්ව ගොරෝසු ඩිස්ක් එක ෆ්ලයි වීල් එක එක්ක හොඳට තද වෙලා ඉන්න ඕන.
ප්‍රෙශර් ප්ලේට් එක කෙලින්ම තද වෙලා තියෙන්නේ ෆ්ලයි වීල් එකට ඇන වලින්. ෆ්ලයි වීල් එකයි ප්‍රෙෂර් ප්ලේට් එකයි අතර තියෙනවා අර ගොරෝසු ඩිස්ක් එක එතකොට සාමාන්‍ය අවස්තාවේදී ඔය ගොරෝසු ඩිස්ක් එක ප්‍රෙෂර් ප්ලේට් එක මගින් හොඳට ෆ්ලයි වීල් එකට තද වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ක්ලච් එක පාගන්නේ නැති වෙලාවේ එහෙම තමයි තියෙන්නේ.
ජියර් එක දානකොට කිසිම වෙලාවක කලච් එක බාගෙට පාගන්න හොද නෑ. ඒ වගේම කලච් එක පාගන්නෙ නැතුව ජියර් දැමීමත් කරන්න හොද නෑ. ඔයාගෙ වාහනය ඔටෝ ජියර් වාහනයක් නම් මේ ප්රශ්නය ඇති වෙන්නෙ නෑ. ඒත් ඔටෝ ජියර් වාහනයක් පාවිච්චි කරනව නම් ඒ ගැන සැලකිලින්මත් වෙන්න ඕනි කොහොමද කියල අපි මීලග ලිපියකින් කතා කරමු. ඔයාගේ වාහනය මැනුවල් වාහනයක් නම් නිතරම සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි කලච් පොම්පයේ ඔයිල් මට්ටම. අපේ වාහනයේ කලච් පොම්පයේ ඔයිල් මටටම අඩු වෙලා තිබුනොත් ක්ලච් එක හරියට වැඩ කරන්නේ නැති වෙලා යනව. ඒ නිසාත් අපේ වාහනයේ ක්ලච් එක හරියට වැඩ කරන්නේ නැතිවෙලා යනව.