Search
Fix Rich Auto PVT LTD
  • Home
  • Products
  • Blog
  • Services
  • About
  • Contact
  • Home
  • සිංහල
  • ඔබගේ වාහනයේ service එක -හරියටම කරලද කියල බලන ක්‍රම 5 මෙන්න

Categories

  • English (10)
  • Uncategorized (1)
  • සිංහල (7)

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry

ඔබගේ වාහනයේ service එක -හරියටම කරලද කියල බලන ක්‍රම 5 මෙන්න

Post by: fixrichauto 2022-11-21
0 Comments

වාහන අයිතිකරුවෙක් වගේම රියදුරෙක් හැටියටත් අනිවාරෙන්ම දැනගන්න ඕනි දෙයක් තමයි වාහනයෙ service එක කියන්නෙ. වාහනය පදිනකොට විවිධ කොටස් ගෙවීම සිද්ධවෙන නිසා සමහර දේවල් අලුතෙන් මාරු කරන්න ඕනි. නැත්නම් එජස්ට් කරන්න ඕනි සහ check කරන්න ඕනි. ඒ වගේම තවත් දේවල් clean කරන්න ඕනි. ඒ නිසා වාහනය හොද ක්‍රියාකරී මට්ටමේ පවත්වා ගන්න නම් මේ කියපු දේවල් ටික හරියටම හරිම වෙලාවට සිදු කරන්න ඕනි. ඉතිං මේ වෙනකොට ඔයා මේ දේවල් ගැන හරි වැටහීමක් නැති වෙන්න පුලුවන්.  ඒනිසා අද අපි මේ ලිපියෙන් කතා කරමු  ඔයාගෙ වාහනයේ service එක හරියටම කරලද කියල බලන්නෙ කොහොමද කියල.

ඔයාගෙ වාහනයෙ service එක හරියටම කරලද කියල බලාගන්න වගේම ලෙඩක් නැතුව වාහනයක් පදින්නත් මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරන්න ඕනි. ඔයාලට පහසු වෙන්න මේ කරුණු ටික කොටස් 05 කට බෙදා ගනිමු.

01.වාහනයේ රෝද හතර ගලවා බ්‍රේක් පද්ධතිය පරික්ෂා කිරීම

  • බ්‍රේක් පෑඩ්
  • බ්‍රේක් ඩ්‍රම්
  • බ්‍රේක් ඩිස්ක්
  • සිලින්ඩරය

වාහනයෙ රෝද ගලවලා බ්‍රේක් පෑඩ් ගෙවිලද කියල පරික්ෂා කරන්න ඕනි. බ්‍රේක් කැලිපර් පින් හිරවෙලාද, බ්‍රේක් පිස්ටන් මලකඩ කාලද, සිලින්ඩර් වලින් ඔයිල් කාන්දු වෙනවද  වගේ දේවලුත් හොදින් බලන්න ඕනි. ඒ වගේම ඩිස්ක් බ්‍රේක් තියෙනව නම් ඒ ඩිස්ක් වල පිපිරීම හරි ඉරිතැලීම හරි තියෙයිද කියලත් වැඩි අවධානයක් දෙන්න ඕනි. ඔයා වාහනය පදිනකොට විටින් විට බ්‍රේක් වල ප්‍රශ්න මතු වෙලා තියෙනව නම් මේ වෙලාව තමයි මේක පරීක්ෂා කරන්න හොදම වෙලාව. බ්‍රේක් ඔයිල් අඩු වෙනව නම් අනිවාරෙන්ම බ්‍රේක් සිලින්ඩරයේ ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්. ඒ වගේම බොහෝ දුරට බ්‍රේක් වොෂර් ගෙවිල තියෙන්නත් පුලුවන්

02.ලිහිසි තෙල් පරීක්ෂාව.

  • එන්ජින් ඔයිල්
  • ගියර් බොක්ස් ඔයිල්
  • බ්‍රේක් ඔයිල්
  • පවර් ස්ටියරින් ඔයිල්
  • ඩිෆරන්සල් ඔයිල්
  • ක්ලච් ඔයිල්
  • බැටරි වතුර
  • රේඩියේටර් කූලන්ට්

වාහනයෙ එන්ජිම ක්‍රියා කරන කොට එන්ජිම ඇතුලෙ කොටස් ගෙවීම අඩු කරන්නට lubrication ඔයිල් පාවිච්චි කරනව. ඒ වගේම ජියර් බොක්ස් එකට. ස්ටියරින් පම්ප් වලටත් ඔයිල් පාවිච්ච් වෙනව. මේ නිසා නියම කරල තියෙන කාලය ඉවර වෙනකොට වාහනයට අපි දාල තියෙන ඔයිල් මාරු කරන්න ඕනි. එහෙම නැති උනොත් නම් වාහනයේ වටින කොටස් ගොඩකට හානි වෙලා එන්ජිම නම් හිර වෙන්න උනත් පුලුවන්. ඒ වගේම වාහන නිෂ්පාදකයා කියල තියෙන ඔයිල් වර්ගයම විතරක් ඔයාගෙ වාහනයට අලුතෙන් දාන්න. මතක තියාගන්න. එහෙම නැතුව සේවා ස්ථානයේ ඉන්න කෙනාට ඕනි ඔයිල් එකක් දාන්න ඉඩ තියන්න එපා. ඔයිල් වර්ග පරීක්ෂාවට අමතරව බැටරියේ වතුර මට්ටමත් පරීක්ෂා කරගන්න ඕනි. එහෙම නැති උනොත් බැටරිය පාවිච්චි කරන්න වෙන්නෙ ටික කාලයයි. ඉක්මනට මාරු කරන්න වෙනව. රේඩියේටර් කූලන්ට් කියන්නෙත් ස්‍ර්විස් එකේදී අනිවාරෙන්ම චෙක් කර ගන්න ඕනි දෙයක්. පරණ වාහන වල රේඩියේටරයට වතුර දාලා පාවිච්චි කළත් අලුත් වාහන වල නම් කූලන්ට් විතරයි පාවිච්චි වෙන්නෙ. කූලන්ට් මට්ටම අඩු වෙලා ගියොත් නම් එන්ජිම වැඩිපුර රත් වෙලා බොයිල් වෙන්නත් පුලුවන්.

  1. ෆිල්ටර් පරික්ෂා කිරීම
  • එයාර් ෆිල්ටරය
  • කැබින් ෆිල්ටරය
  • ඔයිල් ෆිල්ටරය

එන්ජින් ඔයිල් මාරු කිරීම් වගේම වාහනයක තියෙන ෆිල්ටර් පරික්ෂාවත් අනිවාරෙන්ම කරන්න ඕනි.වාහන නිෂ්පාදකයා සදහන් කරල තියෙන විදිහට නියමිත දුර ප්‍රමාණයට අදාල ෆිල්ටරය මාරු කරේ නැත්නම් ඒව බ්ලොක් වෙලා වාහනයෙ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුලුවන්. ඒ වගේම තෙල් පිච්චෙන එකත් වැඩි වෙනව. 

  1. වාහනය ජැක් කර පරික්ෂා කළ යුතු දේවල්.
  • ඔයිල් කාන්දු පරික්ෂාව
  • ඇක්සල් බූට් කැඩී තිබේ දැයි පරික්ෂාව
  • ස්ටියරින් රැක් එකෙහි බූට් කැඩී හෝ ඉරී තිබේ දැයි පරික්ෂාව
  • ශොක්ඇබ්සෝබර් වලින් ඔයිල් කාන්දු තිබේ දැයි පරික්ෂාව
  • සස්පෙන්ෂන් බුෂ්කැඩී ඇත්දැයි පරික්ෂාව
  • වාහනයේ යටි කොටස පරීක්ෂාව

අපි වාහනයට දාන ඔයිල් වර්ග ලීක් නොවී පවත්වා ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍යයි.නැත්නම් අපි වාහනයට ඔයිල් කොච්චරක් දැම්මත් ඒවා ලීක් වෙලා අපතේ යනව. ඇත්තටම කිව්වොත් ඔයිල් කාන්දු වගේ දේවල් බලා ගන්න නම් වාහනය හෝදන්න කලින් පරික්ෂා කරන්න ඕනි. වාහනයේ තියෙන බූට් වර්ග කැඩිල ගිහින් තිබුණොත් එක්මනින් එවා හදාගන්න එක වටිනව. නැත්නම් බූට් ඇතුලෙ තියෙන ග්‍රීස් එලියට ඇවිත් ජොයින්ට් ඉක්මනට ගෙවිල යන්න පුලුවන්. ඒ වගේම වාහනය හේදීමෙන් අනතුරුව වාහන බොඩිය යටි පැත්ත හොදින් පරීක්ෂා කරගන්න පුලුවන්. ඒ නිසා වාහනය හොදින් සේදිලාද කියල බලන්න වගේම චැසියේ දිරුම් ඇත්නම් ඒවත් හොදින් පෙනෙනව.

  1. OBD (සෙන්සර්) පරීක්ෂාව
  • වාහනය ඇතුලත පරික්ෂාව
  • ස්කෑන් කිරීම
  • බෙල්ට් පරීක්ෂාව

වාහනය හොදට service කරල තියෙනව නම් අනිවාරෙන්ම වාහනය ඇතුලත හොදින් පිරිසිදුවට තියෙන්න ඕනි. ඩෑශ් බෝඩ්, සීට්, කාපට් වගේ දේවල් පිරිසිදු කිරීම මෙහිදී  සදහන් කරන්න පුලුවන්

සෙන්සර් තියෙන වාහනයක් නම්  service කරල අවසානයේ කරන්න ඕනි වැදගත් දෙයක් තමයි ස්කෑන් කිරීම. වාහනයෙ යම් කාර්මික දෝශයක් තියෙයි නම් ස්කෑන් කරල ඒක බලා ගන්න පුලුවන්. හදුනාගත්ත දෝශය නිරාකරණය කරල ඊට පස්සෙ නැවත ස්කෑන් කරාට පස්සෙ වාහනයෙන් එම දෝශය අයින් වෙලා යනව.

වාහනයක බෙල්ට් කීපයක්ම තියෙනව. මේ කියන බෙල්ට් වර්ග පාවිච්චි කරන්න පුලුවන් යම් කිසි  දුර ප්‍රමාණයක් විතරයි. එම දුර ප්‍රමාණය පාවිච්චි කරල බෙල්ට් එක අයින් කරන්න ඕනි. සාමන්‍යයෙන් වාහනයක බෙල්ට් එකක් කිලෝමීටර 50 000 ක් විතර පාවිච්චි කරන්න පුලුවන්.

 ඒ ඒ වාහනයට අදාළ කිලෝමීටර් ප්‍රමාණයෙන් නියමිත service එක සිදු කිරීමට වග බලාගන්න. කලින් සදහන් කරපු විදිහට අදාළ කොටස් පරීක්ෂා කිරීමෙන් වාහනයේ පැවත්ම බොහෝ කාලයක් රැක ගන්නට ඔයාට පුලුවන්. ඒවගේම වාහනය මග නවතින්නෙ නැතුව ඕනිම ගමනක් ගිහින් එන්න පුලුවන්.

වාහනයේ service records හරියටම ලකුණු කරගෙන ඒ records ටික පිළිවෙළකට තියාගන්නත් අමතක කරන්න එපා.

Leave a comment
Cancel reply

Make sure you enter the(*) required information where indicated. HTML code is not allowed

Related News

ක්ලච් එක හරියට පාගන්න මේ දේවල් දැනගන්න

0 Comments
Read More

වීල් එලයිමන්ට් එක මේ තරම් වැදගත්ද?

0 Comments
Read More

Bio Diesel හදන්නෙ කොහොමද?

0 Comments
Read More

බාල පෙට්‍රල් හදුනා ගන්නෙ කෙසේද?

0 Comments
Read More

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry
  • Sri Lanka’S Top 10 Most Popular Vehicles

Recent Comments

No comments to show.

Categories

  • English (10)
  • Uncategorized (1)
  • සිංහල (7)

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry

©2026 WordPress Theme SW Autusin. All Rights Reserved. Designed by WPThemeGo.Com.

Archives

  • November 2024
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022

Categories

  • English
  • Uncategorized
  • සිංහල
X
  • Menu
  • Categories
  • Home
  • Products
  • Blog
  • Services
  • About
  • Contact