Search
Fix Rich Auto PVT LTD
  • Home
  • Products
  • Blog
  • Services
  • About
  • Contact
  • Home
  • Archives for December 2022

Categories

  • English (10)
  • Uncategorized (1)
  • සිංහල (7)

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry

Monthly Archives: December 2022

බයෝ ඩීසල් වලින් වෙන දේවල් මෙන්න

Post by: fixrichauto 2022-12-28 0 Comments
තෙල් ප්‍රශ්නය කියන්නෙ දුප්පත් පොහොසත් අපි හැමෝටම තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක්. ගමනාගමනයට අමතරව තවත් දේවල් වලටත් තෙල් ප්‍රශ්නෙන් බලපෑම් ඇතිවුන නිසා මේ ප්‍රශ්න වලට උත්තරයක් විදිහට ගොඩක් දෙනෙක් යොමු වුනා Bio-Diesel වලින් වාහන දුවන්න පුලුවන්ද කියල බලන්න. වර්තමානය වෙනකොට මිනිස්සු තමන්ගෙ වාහනයෙ ක්‍රියාකාරීත්වය ගැන හිතන්නෙවත් නැතුව මේ Bio-Diesel පාවිච්චි කරනව. ඒ විකල්පය නිසාම නෙවෙයි මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැති නිසයි. ඉතිං ඇත්තටම ඔයාගෙ ඩීසල් වහනේට මේ විදිහට Bio-Diesel දාන්න පුලුවන්ද කියලත් එහෙම දැම්මට පස්සෙ මොකද වෙන්නෙ කියලත් අපි මේ වැදහගත් ලිපියෙන් සාකඡ්චා කරමු. එතකොට ඔයාට පුලුවන් හොදට හිතල බලල ඉස්සරහට කරන්න ඕනි දේ තීරණය කරන්න. තෙල් ප්‍රශ්නය නිසා මේ වෙනකොට මිනිස්සුන්ගෙ ජීවිතය ගොඩක් ආපස්සට හැරිල තියෙන්නෙ. එතකොට මිනිස්සුන්ගෙ පුද්ගලික දේවල් වගේම අනිත් සේවා කටයුතුත් නැවතිලා තියෙන්නෙ. ගොවිතැන රස්සාව කරගත්ත මිනිස්සු තමන්ගෙ අස්වැන්න විකුණගන්න බැරිව දුක් වෙනව. පොළොවත් එක්ක පොරබදින ගොවියො තමන්ගෙ උපකරණ වැඩ කරගන්න බැරුව හූල්ලනව. තව එතකොට ඩීවරයො වගේම අනිත් මිනිස්සුත් මේ විදියටම අතරමං වෙලා ඉන්නෙ තෙල් ප්‍රශ්නෙ නිසා.ඒ වගේම අපේ රටේ පාසල් වල ඉගැන්වීමත් නතර වෙලා තියෙන්නෙ මේ තෙල් ප්‍රශ්නෙ නිසාමයි. දවස් ගනන් පෝලිම් වල ඉදල දවසෙන් දවස මැරෙන්නෙත් අපේම සහෝදර සහෝදරියන්. මේ සිදුවීම් එක්ක අද වෙනකොට බොහෝ දෙනෙක් Bio-Diesel වලට යොමු වෙන්න පටන් අරන් තියෙනව. නමුත් ඒවගෙ ප්‍රමිතිය ගැන නම් ලොකු ගැටලුවක් තියෙනව. සිගරට් එකක් උරන මනුස්සයෙක්ට ඒකෙන් වෙන හානිය එකපාරටම පේන්නෙ නෑනෙ ඒවගේම වාහනේටත් ප්‍රමිතියක් නැති ඩීසල් දැම්මොත් හානිය වෙන්නෙ ටිකෙන් ටික අපිට නොදැනීමයි. දැන් අපි කතා කරන ප්‍රමිතියක් නැති Bio-Diesel වාහනයට දැම්මට පස්සෙත් මේ වගේම වෙන්න පුලුවන්.එහෙම නම් අපි ඒගැන විස්තරාත්මකව කතා කරමු මේ ලිපියෙන්. ඩීසල් වාහනය නිෂ්පාදනය කරන සමාගම ඒක හදන්නෙ පෙට්‍රෝලියම් ඩීසල් (සාමාන්‍ය ඩීසල්) වලට ගැලපෙන විදිහටයි. එතකොට ඩීසල් ටැංකියෙ ඉදන් එන්ජිම වෙනකන් තියෙන කොටස් හදල තියෙන්නෙ පෙට්‍රෝලියම් ඩීසල් වලට උවමනා විදිහට. මෙතනදි ගොඩක් දුරට 1990 අවුරුද්දට කලින් අවුරුදු වල හදපු ඩීසල් වාහන වල රබර් හෝස් වගේ කොටස් Bio-Diesel එක්ක ප්‍රතික්‍රියා කරල ඒ බට වලට හානි වෙලා වාහනය දුවන්න බැරි වෙන්න පුලුවන්. එතකොට නිතරම රබර් හෝස් අලුතෙන් මරුකරන්න වෙලා වැඩිපුර සල්ලි වියදම් කරන්න වෙනව.ඒ වගේම ඩීසල් මට්ටම පෙන්වන මීටරේ පවා මේ නිසා හානි වෙන්න පුලුවන්. ටැංකියෙ තියෙන ඩීසල් පොම්ප කරන්න තියෙනවනෙ ඩීසල් පොම්පෙ ඉතිං මේ පොම්පෙයතත් හානි වෙන්න පුලුවන් අපි දැන් මේ කතා කරන බාල Bio-Diesel නිසා. ඩීසල් පොම්පෙන් යන ඩීසල් ටික ඊලගට ඩීසල් ෆිල්ටරයට යනව. එතනදි සමහර වෙලාවට Bio-Diesel වල තියෙන දේවල් නිසා මේ ෆිල්ටර් බ්ලොක් වෙන්න පුලුවන්. එතකොටත් ඔයාට සිද්ද වෙනව මේ ෆිල්ටර් සුද්ද කරන්න නැත්නම් මාරු කරන්න. ඩීසල් එන්ජිමේ තියෙන තවත් සියුම් තැනක් තමයි ඉන්ජෙක්ටර් පොම්පය. Bio-Diesel පවිච්චි කරල ඒකෙ බලපෑමක් හැටියට ඉන්ජෙක්ටර් වැඩකරන්නෙ නැතුව යන්න පුලුවන්. ඒ නිසා වාහනය දුවන්න ඕනිවෙන තෙල් ටික හරියට ලැබෙන්නෙ නැතුව ගිහින් එන්ජිම වැඩ කරන්නෙ නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.තවත් කිව්වොත් මේ කොටසෙන් ඔයගෙ වහනයට වෙන්න පුලුවන් හානිය ගොඩක් වැඩියි. පෙට්‍රොලියම් ඩීසල් වාහනයට Bio-Diesel පාවිච්චි කරනකොට සිද්ද වෙන තවත් වැරැද්දක් තියෙනව. ඒ තමයි අපි එන්ජිමට දාන එන්ජින් ඔයිල් ඉක්මනට මාරු කරන්න වෙනව. උදාහරණයක් විදිහට කිලෝමීටර් 5000න් සර්විස් කරන වාහනයක් නම් අනිවරෙන් ඒක කිලෝමීටර් 3000න් විතර සර්විස් කරන්න වෙනව. එතදි ඔයාට සිද්දවෙනව වාහනය සර්විස් කරන්න වැඩි මුදලක් වැය කරන්න. එහෙම හරි වෙලාවට සර්විස් එක කළේ නැත්නම් වෙන්නෙ එන්ජිම ඉක්මනට ගෙවෙන්න ගන්නව. ඉතිං එහෙම උනොත් නම් ඔයා ලොකු අමාරුවක තමයි වැටෙන්නෙ. මේ කියපු ප්‍රශ්න වලට අමතරව ශීත රටවල දී මේ Bio-Diesel සීතල කාලගුණය නිසා ඉක්මනටම ඝන වෙනව. නමුත් ලංකාවෙදි නම් මේ තත්වය ඇතිවෙන්නෙ නෑ. දැන් වෙනකොට Bio-Diesel නිෂ්පාදනය පරම්පරා 3කට බෙදල වෙන් කරන්න පුලුවන්. පළවෙනි මට්ටමේ පරීක්ෂණ වලදී කලින් සදහන් කරපු ප්‍රශ්න ඇතිවුනත් දෙවෙනි සහ තුන්වෙනි මට්ටමේ පරික්ෂණ වලදී කලින් කියපු ගැටලු ගොඩක් දුරට අඩු කරගෙනයි තියෙන්නෙ. එතනදි මේ Bio-Diesel වලට විවිද කෙමිකල් වර්ග කලවම් කරල හදල තියෙනව. ඒනිසා ප්‍රමිතියට හදල තියෙන Bio-Diesel වලින් නිසි කර්‍යක්ෂමතාව ලබා ගන්න පුලුවන්. මෙහෙම නව තාක්ෂණයෙන් Bio-Diesel නිෂ්පාදනය මේ වෙනකොට ගොඩක් අංශ වලට යොමුවෙලා තියෙනව. ලෝකයේ ආහාර ඉල්ලුමට හේතුවක් නොවෙන විදිහේ ශාක වර්ග යොදාගෙනයි මේ වෙනකොට Bio-Diesel නිෂ්පදනය කරන්නෙ. ඒකට හොදම උදාහරණයක් විදිහට කියන්න පුලුවන් ලංකාවෙ තෙල් එඩරු ගහ මේ සදහා යොදා ගැනීම. ඔයාගෙ වාහනයට පාවිච්චි කරන ඩීසල් ගැන විශ්වාසයක් නැත්නම් ඒ ඩීසල් වාහනයට දාන්න එපා. දැනට ශ්‍රී ලංකාවෙ වාහන වල මාකට් එක ගොඩක් වැඩි වෙලා තියෙන නිසා ස්පෙයාර් පාර්ට් සහ සර්විස් වල මිලත් ගොඩක් වැඩිවෙලා. ඉතිං තව දුරටත් ඩීසල් නොමැතිකම නිසා Bio-Diesel පාවිච්චි කරන්න හිතනවනම් ඒ ගැන දෙතුන් වතාවක් හිතල බලන්න. ලක්ෂ ගනනක් වියදම් කරල ගොඩක් මහන්සියෙන් ගන්න වාහනය ඔයා හිතලම ලෙඩ කරගන්නද හිතන්නෙ. කිසිම ප්‍රමිතියක් නැති තත්ව පරීක්ෂණයක් නොකරපු Bio-Diesel වලට රැවටිලා ඔයාගෙ වාහනයට දාන්න නම් යොමුවෙන්න එපා. ගොඩක් අය මේ දවස් වල YouTube වීඩියෝ බලල ඒවයේ තියෙන විදිහට Bio-Diesel හදන්න උත්සාහ කරනව. ඔබ එහෙම කරනව නම් ඔබේ උත්සහය හොද වෙන්න පුලුවන්. ඒත් ඔයාට ලැබෙන අවසන් ප්‍රතිඵලය හරිද වැරදිද කියල කොහොමද දැනගන්නෙ. ඒ නිසා මේ වෙලාවෙ රටේ තියෙන තත්වයත් එක්ක ටිකක් ඉවසල බුද්දිමත්ව වැඩ කරල අපි අපේ වාහනය පරිස්සම් කරගමු. එහෙම නම් අපේ මීලග ලිපියෙන් තවත් දේවල් ගැන කතා කරමු.
Read More

බාල පෙට්‍රල් හදුනා ගන්නෙ කෙසේද?

Post by: fixrichauto 2022-12-21 0 Comments
මේ වෙනකොට හැම ගෙදරකම වගේ මොකක් ම හරි වාහනයක් තියෙනව. ඒක නිසා පෙට්‍රල් කියන්නෙ ගෙදරකට අනිවරෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. මේ දවස් වල රටේ තියෙන පෙට්‍රල් හිගයත් එක්ක ගොඩක් අය යොමුවෙන දෙයක් තමයි කලුකඩ කාරයින්ගෙන් පෙට්‍රල් මිලට ගන්න එක. මේක ඇත්තටම කිව්වොත් පෙට්‍රල් වාහන වලට ගොඩක් නරක විදිහට බලපාන දෙයක්. ඒත් එක්කම පෙට්‍රල් වලට විවිධ දේවල් කලවම් කරල සමහරු විකුණනව. ඉතිං ගොඩදෙනෙක් මේ වගේ කලුකඩ වලින් පෙට්‍රල් මිලට අරගෙන අමාරුවෙ වැටෙන නිසා අපි තීරණය කළා බාල පෙට්‍රල් අදුනගන්න හැටි වගේම බාල පෙට්‍රල් වාහනයට දැම්ම්ට පස්සෙ මොකද වෙන්නෙ කියලත් ඔයාල එක්ක මේ ලිපියෙන් කතා කරන්න. ත්‍රීවීලර්,බයික්,කාර් වගේම තවත් ගොඩක් උපකරණ වලටත් පෙට්‍රල් පාවිච්චි කරනව. දැන් වෙනකොට මිනිස්සු ගොඩක් කාර්ය බහුල වෙලා තියෙන නිසා පෙට්‍රල් වාහනය කියනදේ අපේ ජීවිත වලට ගොඩක්ම කිට්ටු වෙලා. ඒකෙ වටිනම දේ තමයි අපිට අපිට මොකක්ම හරි වුවමනාවක් වුන ගමන්ම අපිට ඕනි තැනකට හිතේ හැටියට ගිහින් එන්න පුලුවන් වෙන එක. ඒත් අද වෙද්දි ගෙදර තියෙන්න ඕනි වාහන ගොඩක් තියෙන්නෙ සෙඩ් වල තෙල් පෝලිමට දාල. ගෙදරට ඕනි බඩු ටික ගන්න යන්න, බෙහෙත් ටික ගන්න යන්න වගේ ගොඩක් දේවල් වලට උවමනා වූ ඔයාගෙ පුංචි වාහනයත් ඇත්තෙ සමහර විට මේ වෙනකොට තෙල් පෝලිමේ. ඒ නිසා කලුකඩ කාරයින්ගේ තෙල් ජාවාරම මේ වෙනකොට බොහොම සරුවට කෙරීගෙන යනව. ඩීසල්,භූමිතෙල් වලට වඩා වැඩිපුර වාෂ්පවෙන බවක් මේ පෙට්‍රල් වලට තියෙනව. ඒක නිසා පෙට්‍රල් වල තියෙන වාෂ්ප ගතිය අඩු වුනොත් එහෙම අපිට හරියට පිකප් එකක් ගහන්න අමාරුයි. ඒ වගේම තෙල් පිච්චෙන එකත් වැඩිවෙනව. මේක වෙන්නෙ මොන වෙලාවට ද?. අපි පරණ පෙට්‍රල් කියල කතා කරන්නෙ මේකට තමයි. එක එක තැන් වල බූලි වල ගබඩා කරල වාෂ්ප වෙලා(රැස් ගිය) ගිය පෙට්‍රල් පවිච්චි කලොත් නම් මේ සිද්දියට අනිවාරෙන්ම මුහුණ දෙන්න සිද්ද වෙනව. පෙට්‍රල් සමග ගනුදෙනු කරනකොට අපි අනිවාරෙන්ම පෙට්‍රල් බූලි හොදින් වැහෙන විදිහටම වහල තියන්න ඕනි. නැත්නම් පෙට්‍රල් බූලියක් ගෙදර තියන් ඉන්නව කියන්නෙත් මරණයට අත වැනීමක්. ඒ මොකද කියනව නම් පෙට්‍රල් වෂ්පය තියෙන තැනකකට පොඩි ස්පාර්ක් එකක් ලැබුන ගමන් ගිනි ගන්න පටන් ගනන්ව. මේකට අපි හිතනව වගේ ලොකු ස්පාර්ක් එකක් ඇතිවෙන්න ඕනි නෑ. පෙට්‍රල් බූලිය තියෙන කාමරේ ලයිට් එක දාන්න ස්විච් එක දැම්මත් මේ වගේ ස්පාර්ක් එකක් ඇතිවෙන්න පුලුවන්. ඒ නිසා අපි හිතනවට වඩා මේ පෙට්‍රල් සෙල්ලම අමරුයි. මේ ලිපියෙ මුලින් කියපු විදිහට පෙට්‍රල් බාල කරල විකුණන අයියලත් ඉන්නව. මෙහෙම පෙට්‍රල් බාල කරන්න එකතු කරන එක දෙයක් තමයි තිනර් කියන්නෙ. ඒ කියන්නෙ පේන්ටින් වැඩ වලට ගන්න තිනර්. හාඩ්වෙයාර් වලින් ලේසියෙන්ම මිලදී ගන්න පුලුවන්. මේ තිනර් පෙට්‍රල් වලටත් වඩා වාෂ්පවෙන ගතිය වැඩියි. එක එක අය විවිධ අනුපත වලට කලවම් කලවම් කරල තමයි මෙහෙම විකුණන්නෙ. සමහර අය මේවට 2T කියන ඔයිල් වර්ගයත් කලවම් කරල දෙනව. දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි කොහොමද මේ තිනර් කලවම් කරපු පෙට්‍රල් හදුනගන්නෙ කියන එක. පෙට්‍රල් වලට වඩා තිනර් හොදට වාෂ්ප වෙන නිසාම අපිට පෙට්‍රල් සාම්පලයක සුවද බලපු ගමන්ම කියන්න පුලුවන් තිනර් කලවම් කරලද කියල. එහෙම නම් ඔයා දැනගෙන ඉන්න ඕනි තිනර් වල සුවද. මේ වෙනකොට ඔයා හොදටම දන්නවා ඇති තිනර් වල සුවද. හරි එහෙම නම් ඔයා දැන් දන්නව තිනර් කලවම් කරපු පෙට්‍රල් හොයගන්න ක්‍රමය. මේ විදිහටම පෙට්‍රල් බාල කරන්න කලවම් කරන්න ගන්න අනිත් දේ තමයි භූමිතෙල් කියන්නෙ. භූමිතෙල් වාෂ්පවෙන්නෙ  නම් බොහොම අඩුවෙන්. ඒත් කලුකඩ කාරයො දැන් භූමිතෙල් කලවම් කරල පෙට්‍රල් විකුණනව. මේ වෙලාවෙදි අපිට හොයාගන්න පුලුවන් ක්‍රම 2ක් තියෙනව. එක ක්‍රමයක් තමයි පෙට්‍රල් සම්පලයක් අරගෙන සුවද පරික්ෂා කිරීම. භූමිතෙල් කලවම් කරල තියෙනවනම් අනිවාරෙන්ම ඒකෙන් භූමිතෙල් සුවදක් හමනව. ඉතිං මේ විදිහට සුවද බැලුවොත් අනිවාරෙන්නම භූමිතෙල් කලවම් කරලද කියල දැනගන්න පුලුවන්. භූමිතෙල් කලවම් ද කියල බලන්න පුලුවන් අනිත් ක්‍රමය වෙන්නේ මතුපිට පාටෙන් වෙනසක් තියෙයිද කියල බලන ක්‍රමය. මේ ක්‍රමයට හොයාගන්න නම් පෙට්‍රල් වල පාට ඔයාට ගොඩක් හුරු වෙන්න ඕනි. පෙට්‍රල් වල තියෙන කහ පාට එක්ක භූමිතෙල් වල රතු-රෝස පාට කලවම් වෙලා තරමක තද කහ පාටක් ඇතිවෙනව.මේ සිද්දිය බලා ගන්න එක නම් ඔයාගෙ දක්ශතාවය සහ හැකියාව මත තීරණය වෙනව. ඉතිං විනිවිද පෙනෙන භාජනයක් අරගෙන ඔයාට ඉක්මනටම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුලුවන්. ඒවගේම ඔයා මෙහෙම පෙට්‍රල් මිලදී ගන්නව නම් අනිවාරෙන්ම විනිවිද පේන බූලියක්ම අරගෙන යන්න පුරුදු වෙන්න. තිනර් සභ භූමිතෙල් කලවම් කරපු පෙට්‍රල් වාහනයට දැම්මොත් නම් කාලයක් යනකොට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනව. එතනදි කාර් වගේ වටිනාකම ගොඩක් වැඩි වාහන වලට නම් මෙහෙම පෙට්‍රල් දාන්න හිතන්නවත් එපා. එහෙම කලොත් අන්තිමට ලොකු වියදමක් දීල වාහනය වාහනය රෙපයාර් කරන්න වෙනව. තිනර් ගත්තහම කොහොමත් රබර් වගේ දේවල් එක්ක ප්‍රතික්‍රියා කරනව. එතකොට අපේ වාහනයේ පෙට්‍රල් ගමන් කරන බට වගේ දේවල් කොහොමත් සවුත්තු වෙනව. පෙට්‍රල් ත්‍රීවීලර් බයික් වල තියෙන කාබියුරේටයත් තිනර් කලවම් කරපු පෙට්‍රල් නිසාම විනාස වෙනව. ඒ වගේම කාර් වෑන් වල තියෙන EFI කියන කොටසත් තිනර් නිසා හානි වෙන්න පුලුවන්. එතනින් එහාට ගියාම එන්ජිමට හානි කරන්නත් තිනර් සහ භූමිතෙල් හේතුවක් වෙනව. සමහර විට ඉක්මනට ස්පාර්ක් ප්ලග් මාරු කරන්නත් වෙයි. ඒ වගේම එන්ජිමේ බෝර් එක ඉක්මනින් ගෙවිල යන්න වගේ දේවල් වෙන්නත් පුලුවන්. භූමිතෙල් කියන්නෙ පෙට්‍රල් එන්ජිමක දහනය වෙන දෙයක් නෙමෙයි. මේ නිසා එන්ජිමේ කාබන් හිරවෙලා සයිලන්සර් බට වගේ ඒවත් හිර වෙන්න පුලුවන්. ඒ නිසා දැන් ඔයාට පුලුවන් කලුකඩ වලින් පෙට්‍රල් මිලට ගත්තත් රැවටෙන්නෙ නැතුව ඉන්න. එහෙමනම් කලින් කියපු දේවල් හොදට මතක තියාගෙන අවබෝධයෙන් වැඩ කරල අපි ඉස්සරහට යමු. තිනර් භූමිතෙල් වගේ දේවල් ආයෙත් වාහනයට නොදා ඉන්නව වගේම අනිත් අය එක්කත් අපි මේ දැනගත් දේවල් බෙදාගමු.
Read More

වීල් එලයිමන්ට් එක මේ තරම් වැදගත්ද?

Post by: fixrichauto 2022-12-14 0 Comments

වීල් එලයිමන්ට් කියන්නේ විශේෂයෙන්ම යුරෝපීය වාහන පදින ඔයාට ඉතාමත් වැදගත් දෙයක්. ඇත්තටම කියුවොත් ඔයාගෙ වාහනයේ වීල් එලයින්මන්ට් එක හරියට උනේ නැතිනම් ඔයාට ලොකු පාඩු විඳින්න සිදු වෙනවා. ඒවායින් ප්‍රධානම සහ බහුලව සිදුවන පාඩුව තමයි ටයර් අසමානව ගෙවී යාම. ඒ කියන්නේ ටයර් එකේ එක කොටසක් අනිත් කොටස් වලට වඩා ඉතා වේගයෙන් ගෙවීයනවා.

වීල් එලයින්මන්ට් එක හරියට නොවීම නිසා සිදුවන අනිත් පාඩුව තමයි අපේ වාහනයේ තියෙන සස්පෙන්ෂන් පද්ධතිය ඒ කියන්නේ ෂොක් ඇබ්සෝබර් තියෙන කොටස කැඩීයෑම. ඒකට හේතුව තමයි වීල් එලයින්මන්ට් එක හරියාකාරව නොවීම නිසා සස්පෙන්ෂන් පද්ධතියට අධික තෙරපුමක් ඇතිවීම.

ඉතින් මෙන්න මේ කරුණු නිසා ඔබ ඔබේ වාහනයේ වීල් එලයින්මන්ට් එක අනිවාර්යයෙන්ම කරගත යුතු වෙනවා.  ඒ වගේම අපි වාහනය සර්විස් කරනවා වගේ වරින්වර එය සිදු කිරීමත් අනිවාර්ය වෙනවා. අද අපි මේ ලිපියෙන්  කියන්නේ වීල් එලයින්මන්ට් කරන්නේ ඇයි? වීල් එලයින්මන්ට් කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒක කරන්න අවශ්‍ය වෙන්නේ මොනවගේ අවස්ථා වලදීද? කියන ඒවා ගැනයි. වීල් එලයින්මන්ට් ගැන කතා කරනකොට රෝද වල පිහිටීම මුලින්ම දැනගෙන ඉන්න ඕන,

අපිට හිතෙන්නේ වාහනයක රෝද කරකැවෙනකොට හරියටම ඔක්කොම එක සමාන්තරව පිහිටන විදියට කරකැවෙනවා කියලා නේද? එතකොට ඒ රෝදය ඇදකුද නැතිව කරකැවෙනවා කියලා නේද අපිට හිතෙන්නේ?

එත් එක්කම, අපි ස්ටියරින්ග් වීල් එක කරකවනකොට, රෝදය වාහනය ගමන් කරන දිශාවට අමතරව හරි මැද්දෙන් දෙපැත්තට කරකැවෙන්න ඕනනේ.  ඒකත් ඇදයක් නැතිව කරකැවෙනවා කියලා නේද අපිට හිතෙන්නේ ?

අපිට එහෙම හිතුනට එහෙම වෙන්නේ නැහැ. රෝද කරකැවෙනකොට හරියටම එක සමාන්තරව රෝද පිහිටන්නේ නැහැ. ඉතින් ඒ නිසා එක සමාන්තරව රෝද කරකැවෙන්නෙත් නැහැ. එතකොට එක රෝදයක් ගත්තම ඒ එක රෝදය හරි කෙලින් පොලවට ලම්භකව පිහිටන්නේ නැහැ. ඒ නිසා රෝදය වාහනය ගමන් කරන දිශාවට කරකැවෙනකොට හරි කෙලින් පිහිටලා කැරකෙන්නේ නැහැ.  ඒ නිසා අපි ස්ටියරින්ග් වීල් එක කරකවනකොට රෝදය එක තැන කරකැවෙන්නේ ඇද සහිතවයි.

වීල් එලයිමන්ට් කරනවා කියන්නේ මොකක්ද?

ඉතින් වීල් එලයින්මන්ට් කරනවා කියන්නේ ඔය කියන ඇද ටික ඇරලා අර අපි මුලින් හිතුවා වගේ රෝද ඔක්කොම එක සමාන්තරව පිහිටන විදියට, එක රෝදයක් වාහනය ගමන් කරන දිශාවට පොලවට හරි ලම්භකව කරකැවෙන විදියට, ඒ වගේම රෝදය ස්ටියරින්ග් වීල් එකෙන්  එක තැන කරකවෙද්දී හරි කෙලින් පිහිටලා කරකැවෙන විදියට හදාගන්න එක. වීල් එලයින්මන්ට් එකේ කරන්නේ ඔන්න ඔය ඇද ටික හදනවා කිව්වට මොනාද ඔය ඇදකුද කියලා හරියටම ඉගෙනගෙන ඉන්න ඕන.

TOE එහෙමත් නැතිනම් ටෝ එක

TOE එහෙමත් නැතිනම් ටෝ කියල කියන්නේ අපි වාහනේ ස්ටියරින්ග් වීල් එක හරි කෙලින් තියලා, ඉදිරිපස හෝ පිටුපස තියෙන රෝද යුගලය දෙස උඩ ඉඳලා බලනකොට වාහනයේ ඇතුල් පැත්තට හෝ පිට පැත්තට ඒ ඒ රෝදය හැරවිලා තියෙන ප්‍රමාණයටයි. රෝදය වාහනයේ ඇතුලට හැරවිලා තියෙනවා නම් අපි කියනවා TOE–IN කියලා. රෝදය වාහනයෙන් පිටතට හැරවිලා නම් අපි කියනවා TOE–OUT කියල. සෑම වාහනයකම ඔන්න ඔය කිව්ව ටෝ එක තිබිය යුතු ප්‍රමාණය එක්තරා පරාසයකින් දක්වලා තියෙනවා. එහෙම නැතිනම් ටෝ එක අංශක -0006’ ට වඩා අඩු නම් අපි කියනවා TOE–IN කියලා ඒ වගේම අංශක 0006” වඩා වැඩිනම් අපි කියනවා TOE–OUT කියලා

CAMBER එහෙමත් නැතිනම් කැම්බර් එක

CAMBER එහෙමත් නැතිනම් කැම්බර් එක කියලා කියන්නේ අපි වාහනයේ ඉස්සරහ ඉඳන් රෝදය දෙස බලනකොට පොලවට ලම්බකව තියෙන අක්ෂයේ සිට රෝදය ඇල වී තියෙන කෝණයටයි. මේ කෝණය සෑමවිටම මනින්නේ අර කිව්ව පොලවට ලම්බක අක්ෂයේ සිටයි. ඒ නිසා ඒ කෝණය සෑම විටම සුළු කෝණයක් වෙනවා.

එතකොට ඔබට තේරෙන්න ඕන  රෝදය පොළවට ලම්බක අක්ෂයේ සිට වාහනයේ ඇතුල් පැත්තට ඇලවෙන්නත් පුළුවන් වගේම වාහනයෙන් පිට පැත්තටත් ඇලවෙන්න පුළුවන් බව. ඔන්න ඔය ඇතුල් පැත්තට රෝදය නැවිලා තියෙනවා නම් අපි කියනවා ඒකට නෙගටිව් කැම්බර් කියලා. ඒ වගේම රෝදය වාහනයෙන් පිට පැත්තට ඇලවෙලා තියෙනවා නම් අපි කියනවා පොසිටිව් කැම්බර් කියලා. කලින් TOE එකේදී අපි කිව්වා වගේම CAMBER එකේදිත් සෑම වාහන මාදිලියකම එහි තිබිය යුතු CAMBER එකේ පරාසයක් තියෙනවා. එලයින්මන්ට් එකකදී කරන්නේ ඔන්න ඔය පරාසයෙන් පිටත අගයක CAMBER එක තිබුනොත් එය එම පරාසය තුල ඇති අගයකට ගන්න එක.

CASTER එහෙමත් නැතිනම් කැස්ටර් එක

කැස්ටර් එකට කලින් අපි දැනගන්න ඕන ස්ටියරින්ග් ඇක්සිස් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා වාහනයේ ස්ටියරින්ග් වීල් එක කරකවනකොට වාහනයේ ඉදිරිපස රෝද දෙක කරකැවෙන බව. අන්න ඒ කරකැවෙන අක්ෂයට තමයි අපි කියන්නේ ස්ටියරින්ග් ඇක්සිස් එක කියලා. ඔන්න ඔය ස්ටියරින්ග් ඇක්සිස් එක දිහා අපි වාහනයේ පැත්තෙන් බලනකොට ඒ ඇක්සිස් එකට  පොලවට ලම්භක අක්ෂයේ ඉඳලා තියෙන කෝණයට තමයි අපි කියන්නේ කැස්ටර් එක කියලා.

එතකොට TOE සහ CAMBER වගේම CASTER එකේදිත් පොසිටිව් සහ නෙගටිව් කියලා දෙකක් තියෙනවා. එතකොට පොසිටිව් කැස්ටර් එක කියන්නේ ඔන්න ඔය ස්ටියරින්ග් ඇක්සිස් එක වාහනයේ රියදුරා දෙසට ඇලවී තියෙනවනම් අන්න ඒ අවස්ථාවට. නෙගටිව් කැස්ටර් කියලා කියන්නේ ස්ටියරින්ග් ඇක්සිස් එක වාහනයෙන් ඉදිරිපසට ඇලවී තියේනම් අන්න ඒ අවස්ථාවට. ඒ වගේම වාහන මාදිලියෙන් මාදිලියට ඔන්න ඔය කිව්ව කැස්ටර් එකේ තිබිය යුතු පරාසයක් තියෙනවා.

ඇත්තටම මෙහෙම වීල් එලයින්මන්ට් නැති වෙන්නේ ඇයි කියල දන්නවද?

දැන් ඔයාලා වීල් එලයින්මන්ට් ගැන ගොඩක් දේවල් දන්නව. හැබැයි ඉතින් හොඳට තිබ්බ වාහනයක නිකම්ම වීල් එලයින්මන්ට් නැති වෙන්නෙත් නැහැ. එහෙම වෙන්නත් හේතු තියෙනවා. ගොඩක් වෙලාවට වීල් එලයින්මන්ට් නැති වෙන්නේ රෝදය ආශ්‍රිතව රෙපෙයාර් එකක් කරන්න සිද්ද උනොත් තමයි. උදාහරණ හැටියට කොයිල් ස්ප්‍රින්ග්, CV ජොයින්ට් හෝ ෂොක් වගේ දේවල් අලුතින් දැම්මොත් වීල් අලයින්මන්ට් නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම ඔබේ වාහනේ ලෝවර් ආර්ම් එක කැඩුනොත්, එත් වීල් මිස් එලයින්මන්ට් වෙනවා. මීට අමතරව ඔබේ වාහනේ බෝල් ජොයින්ට් එක ගලවන්න සිද්ද උනොත් එහෙම ඒ වෙලාවටත් රෝද මිස් එලයින්මන්ට් වෙන්න පුළුවන්. කොහොමහරි රෝදේ ඔය සංවේදී කොටස් අතපත ගෑවෙන විදියේ වැඩක් සිද්ද උනොත් වීල් එලයින්මන්ට් නැති වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.

ඉතින් ඔය කිව්ව දේවල් එක්ක වීල් එලයින්මන්ට් චෙක් කරන්න ඕන අවස්ථා ටිකක් අපිට පෙන්නලා දෙන්න පුළුවන්. දැන් බලමු ඒ මොනවද කියලා.

වීල් එලයින්මන්ට් කරන්න අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවලද?

වීල් එලයින්මන්ට් කරන්න ඕන අවස්ථා නොදන්නාකම නිසා ඉතා විශාල පාඩු සිදුවෙනව. ඒ නිසා පහත අවස්ථා වලදී ඔබ ඔබේ වාහනයේ වීල් එලයින්මන්ට් එක කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා.

  1. වාහනයේ ටයර් වල අසමාකර ගෙවියාමක් දකින්නට තිබේනම්,
  2. සැලකියයුතු අනතුරක් සිදු උනාට පසුව
  3. CV ජොයින්ට් අලුතින් දැමූ පසුව
  4. බෝල් ජොයින්ට් අලුතින් දැමූ පසුව
  5. ලෝවර් ආර්ම් එක හෝ එහි බුෂ් අලුතෙන් දැමූ පසුව
  6. සෑම කිලෝමීටර් 50000 කට වරක්ම
  7. ස්ටියරින් හා සස්පෙන්ෂන් පද්ධති වල අලුත්වැඩියාවක් සිදුකළ පසු, උදාහරණයක් විදිහට ෂෝක්ඇබ්සෝබර් කොයිල් ස්ප්‍රින් වැනි කොටස්
Read More

ක්ලච් එක හරියට පාගන්න මේ දේවල් දැනගන්න

Post by: fixrichauto 2022-12-07 0 Comments

ඔයා ක්ලච් එක පාගනකොට හිතල තියෙනවද ඔයාගේ වාහනයේ ඇතුලේ මොකක්ද වෙන්නේ කියල ? එහෙමත් නැතිනම් ඔයා හිතල තියෙනවද ඇයි ක්ලච් එක පාගන්න ඕන හැමතිස්සෙම ගියර් එක දාන්න කලින් කියල? ඉතිං ඒනිසාම විශේෂයෙන්ම යුරෝපියන් වාහනයක් පාවිච්චි කරන ඔයාට ක්ලච් එක දැන ගන්න ඕනි දේවල් මොනවද කියල අද අපි මේ ලිපියෙන් කතා කරන්න සූදානම්.

ඔයා දැනටමත් දන්නවා ඇති පිස්ටන් ඉහල පහල යනකොට ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කැරකෙනව කියල. එතකොට ඔන්න ඔය කැරකෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක තමයි රෝද වලට සම්බන්ධ වෙන්නේ. හැබැයි  ක්රෑන්ක් ෂාෆ්ට් එක රෝද වලට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. එකට හේතුව තමයි අභ්‍යන්තර දහන එන්ජිමකින් ඉතා ලොකු බලයක් සහිතව යමක් කරකවන්න බැයි වීමයි ඒ නිසා තමයි ගියර් පද්ධතියක් එකතු කරල තියෙන්නේ.

සාමාන්‍යයෙන් ගියර් තියෙන බයිසිකලයක ගියර්වීල් එක අරයෙන් අඩු වීල් එකකට දානකොට අඩු බලයක් දීල වැඩි රවුම් ප්‍රමාණයක් කරකවන්න ඕන. හැබැයි ඒ ටිකම කරන්න පුළුවන් ඒ කිව්ව ගියර් වීල් එකට වඩා ලොකු අරයක් තියෙන ගියර් වීල් එකකට දාලාත්.ඒත් ඔයාට මෙහිදී වැඩි බලයක් දෙන්න වෙනවා. නමුත් අඩු රවුම් ප්‍රමාණයක් තමයි කරකවන්න ඕන. ඔන්න ඔය දේම තමයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එකටත් වෙන්නෙත්. ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට කරකවන්න පුළුවන් උපරිම බලයක් තියෙනවා. ඊට වඩා කරකවන්න එකට බැහැ. ඉතින් ගියර් පද්ධතියෙන් කරන්නේ ඒ වෙලාවට අරය අඩු ගියර් වීල් එකක් රෝද සහ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක අතරට දාල අඩු බලයකින් වැඩි රවුම් ප්‍රමාණයක් කරකවන්න සැලැස්වීමයි කන්දක් අදිනකොට වෙන්නේ ඔහොමයි. ඒ නිසා තමයි අපි කන්දක් අදිනකොට ෆස්ට් එකට හරි සෙකන්ඩ් එකට හරි මාරු කරන්නේ. තැනිතලාවක උපරිම වේගයකින් යන්න ඕන වෙනකොට උඩ ගියර් වලට යන්නේ. එතකොට මේ first හරි second හරි ගියර් වල ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි රෝදයි අතර තියෙන ගියර් වීල් එක තර්ඩ් ෆෝර්ත් එහෙමත් නැතිනම් ඊටත් වඩා උඩ ගියර් වල වීල් එකකට වඩා අරයෙන් අඩුයි.

ගියර් මාරු කරනකොට ක්ලච් එක පාගන්නේ ඇයි?

අපිට ගියර් එක මාරු කරද්දී තමයි ක්ලච් එක ඕන වෙන්නේ. ක්ලච් එකෙන් කරන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් ගියර් වීල් වලට එන බලය නැවැත්වීමයි.එහෙම නවත්තන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි ගියර් පද්ධතියයි අතර සම්බන්ධය නැති කරලා. එහෙම ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ බලය ගියර් වීල් වලට එන එක නැවැත්තුවහම තමයි ගියර් වීල් එක මාරු කරන්න පුළුවන් වෙන්නෙ, එහෙම නැති උනොත් මාරු කරන්න කලින් තියෙන ගියර් වීල් එක ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් කරකවන නිසා අපි මාරු කරන්න හදද්දී වීල් එකේ දැති කැඩෙන්නත් පුළුවන්.

අපි දැන් බලමු කොහොමද ක්ලච් එකෙන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි ගියර් පද්ධතියයි අතර තියෙන සම්බන්ධය නැති කරන්නේ කියල. ගියර් බොක්ස් එකේ දැති රෝද ටික හදල තියෙන්නේ ඒ හැම දැති රෝදයක්ම එකතැන කරකැවෙන විදියටයි. ඔය දැතිරෝද  හරහා යන ෂාෆ්ට් එක තමයි මේන් ෂාෆ්ට් එක කියන්නේ. ඒක තමයි කෙලින්ම රෝද වලට සම්බන්ධ වෙන්නේ.

මෙහිදී ඔබ දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔය අපි කියපු මේන් ෂාෆ්ට් එකට කෙලින්ම හයිවෙලා නැතිවයි තියෙන්නේ. ඒ කියන්නේ මේන් ෂාෆ්ට් එක වටා එකතැන කරකැවෙන්න තමයි හදලා තියෙන්නේ. මේන් ෂාෆ්ට් එකයි දැති රෝදයකුයි එකට හයිවෙලා කරකැවෙන්න නම් මේන් ෂාෆ්ට් එකේ ඔය කියපු හැම දැති රෝදයකටම කලින් තියෙන මේන් ෂාෆ්ට් එකට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන දැති රෝදයකුයි එකට සම්බන්ධ වෙන්න ඕන. ඔන්න ඔය කිව්වා ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙයි මේන් ෂාෆ්ට් එකෙයි සම්බන්ධය නැති කරන්න තමයි ක්ලච් එක තියෙන්නේ.

එන්ජිමේ ෆ්ලයි වීල් එක ( එන්ජිමේ ක්‍රෑන්ක් ශාෆ්ට් එකට කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන දතිරෝදය) සහ ගියර් බොක්ස් ඉන්පුට් ශාෆ්ට් එකයි අතර තියෙන ඩිස්ක් එක. ඔන්න ඕකට තමයි ක්ලච් ඩිස්ක් එක කියන්නේ. ඔන්න ඔය ඩිස්ක් එක ඉහත කිව්ව ෆ්ලයි වීල් එකේ මුහුණතට තද කලාම ඩිස්ක් එක ගොරෝසු නිසා ෆ්ලයි වීල් එකත් එක්කම ඩිස්ක් එක කරකැවෙනවා. ඩිස්ක් එකට සම්බන්ධ කරලා තියෙනවා මේන් ෂාෆ්ට් එක.

එතකොට දැන් ඔබට තේරෙන්න ඕන ක්‍රෑන්ක් ෂාෆ්ට් එකයි මේන් ශාෆ්ට් එකයි අතර තියෙන සම්බන්ධය ඇති නැති කරන්නේ ඔන්න ඔය ගොරෝසු ඩිස්ක් එක ෆ්ලයි වීල් එකට තද කිරීමෙන් සහ ඈත් කිරීමෙන් කියලා.

ඒ වගේම ඔබට තේරෙනවා ඇති අපි ක්ලච් එක පාගනකොට ඔන්න ඔය කිව්ව ගොරෝසු ඩිස්ක් එක ෆ්ලයි වීල් එකෙන් ඈත් වෙන්න ඕන කියලා. ඒ වගේම අපි ක්ලච් එක අත අරිනකොට ඔය කිව්ව ගොරෝසු ඩිස්ක් එක ෆ්ලයි වීල් එක එක්ක හොඳට තද වෙලා ඉන්න ඕන.

ප්‍රෙශර් ප්ලේට් එක කෙලින්ම තද වෙලා තියෙන්නේ ෆ්ලයි වීල් එකට ඇන වලින්. ෆ්ලයි වීල් එකයි ප්‍රෙෂර් ප්ලේට් එකයි අතර තියෙනවා අර ගොරෝසු ඩිස්ක් එක එතකොට සාමාන්‍ය අවස්තාවේදී ඔය ගොරෝසු ඩිස්ක් එක ප්‍රෙෂර් ප්ලේට් එක මගින් හොඳට ෆ්ලයි වීල් එකට තද වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ක්ලච් එක පාගන්නේ නැති වෙලාවේ එහෙම තමයි තියෙන්නේ.

ජියර් එක දානකොට කිසිම වෙලාවක කලච් එක බාගෙට පාගන්න හොද නෑ. ඒ වගේම කලච් එක පාගන්නෙ නැතුව ජියර් දැමීමත් කරන්න හොද නෑ. ඔයාගෙ වාහනය ඔටෝ ජියර් වාහනයක් නම් මේ ප්‍රශ්නය ඇති වෙන්නෙ නෑ. ඒත් ඔටෝ ජියර් වාහනයක් පාවිච්චි කරනව නම් ඒ ගැන සැලකිලින්මත් වෙන්න ඕනි කොහොමද කියල අපි මීලග ලිපියකින් කතා කරමු. ඔයාගේ වාහනය මැනුවල් වාහනයක් නම් නිතරම සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි කලච් පොම්පයේ ඔයිල් මට්ටම. අපේ වාහනයේ කලච් පොම්පයේ ඔයිල් මටටම අඩු වෙලා තිබුනොත් ක්ලච් එක හරියට වැඩ කරන්නේ නැති වෙලා යනව. ඒ නිසාත් අපේ වාහනයේ ක්ලච් එක හරියට වැඩ කරන්නේ නැතිවෙලා යනව.

Read More

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry
  • Sri Lanka’S Top 10 Most Popular Vehicles

Recent Comments

No comments to show.

Categories

  • English (10)
  • Uncategorized (1)
  • සිංහල (7)

Recent Posts

  • 10 Small Points Save You Big – Hidden Costs of Vehicle Maintenance
  • How To Maintain The Value Of Your European Vehicle
  • How To Choose The Right Parts & Accessories For Your European Vehicle
  • Trends & Challenges In The Sri Lankan Automobile Industry

©2026 WordPress Theme SW Autusin. All Rights Reserved. Designed by WPThemeGo.Com.

Archives

  • November 2024
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022

Categories

  • English
  • Uncategorized
  • සිංහල
X
  • Menu
  • Categories
  • Home
  • Products
  • Blog
  • Services
  • About
  • Contact